හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

වැඩබලන ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීමටත්,මහජන සේවා සැපයීමටත් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයකින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ.

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *