ගිනිතැබූ නිවෙස රනිල් අතහරී ; කෞතුකාගාරයක් කරයි !

ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් ගිනිතබා විනාශ කොට ඇති තම නිවෙස නැවත ඉදි නොකිරීමටත් , නැවත එම ස්ථානයේ පදිංචියට නොයාමටත් තීරණය කොට ඇති වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානය දේශපාලන ප්‍රචණ්ඩත්වයේ විනාශය පෙන්වන කෞතුකාගාරයක් බවට පත් කිරීමට අදහස් කොට ඇති බව එජාප  ආරංචි මාර්ග කියයි.

අන්තිම කැමති පත්‍රයෙන් රාජකීය විද්‍යාලයට පවරා තිබු මෙම දේපළ ගැන වික්‍රමසිංහ මහතා උනන්දු නොවන බවත්, එහි නව නිවෙසක් ඉදි කිරීමට එතුමාට කිසිදු අවශ්‍ය තාවයක් නැති බවත්, එම ආරංචි මාර්ග කියයි.

එම ස්ථානයේ නැවත පදිංචිය නොයන බව රනිල් වික්රනසිංහ මහතාගේ බිරිඳ , මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සිය මිතුරු මිතුරියන් සමග ප්‍රකාශ කොට ඇත.

නිවෙස පිහිටි ස්ථානය දේශපාලන ප්‍රචණ්ඩත්වයේ විනාශය දැක්වෙන කෞතුකාගාරයක් බවට පත් කිරීමටත් , විනාශ කළ වටිනා කෞතුක භාණ්ඩ, චිත්‍ර සහ පොත්පත් පිලිබඳ විස්තර සමග ඉතිරි වී ඇති වස්තුන් එම ස්ථානයේ ම කෞතුකාගාරයක් ලෙස පවතවාගෙන යාමටත් වැඩ බලන ජනාධිපතිවරයා අදහස් කොට ඇති බව ද කියති.

රජයේ නිල නිවාස කිසිවක් ලබා නොගෙන සිය ජීවිතයේ අවසන් කාලය කුලී නිවෙසක ගත කිරීමට ද වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව කියති.

රනිල් වික්‍රමසිංහ මහතගේ නිවෙසට ගිනි තැබීම සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව දැන් තහවුරු වී ඇති අතර එය මෙහෙයවූ සජබ ප්‍රබලයා රටින් පලාගොස් ඇති බව ද වාර්තා වී ඇත.

සමගි ජන බලවේගයේ නායකයකුගේ බිරිඳක් ද එම ස්ථානයේ රැඳී සිටින ආකාරය සමාජ මධ්‍යයවල පළ කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *