අරගලයේ ශේෂපත්‍රය – කීර්ති ගොඩිගමුව

 

පසුගිය මාර්තු 31 මිරිහානින් ඇරඹි ගෝටාගෝහෝම් ජනතා අරගලය ගෝටාභය රාජපක්ෂගේ  නික්ම යාමේ  ප්‍රවෘතියත් සමඟ ජයග්‍රාහී අවසානයකට ලඟාවී ඇත’

ගෝටාගෝහෝම් අරගලයේ ආරම්භක හේතු කාරකය වූයේ ගෝටාභය රාජපක්ෂ පාලනය තුළින් රට ආර්ථික බංකොළොත්භාවයට පත්වීම හරහා ජනතාවට මුහුනදීමට සිදුවූ පීඩනය සීමා ඉක්මවා ක්‍රියාත්මක වීම යි. 2005 දී ආරම්භ වූ මහින්ද රාජපක්ෂ පාලනය 2014 අවසාන වනවිට චීන ණය උගුලේ සිරවීම ආරම්භ වී තිබිණි. ඒ බව දැනගත් මහින්ද රාජපක්ෂ ධූර කාලය අවුරුදු දෙකක් ඉතිරිව තිබියෙ දී මැතිවරනයකට යන ලදුව පරාජය ලැබ ජනාධිපතිකමට සමු දුන් බව දැන් පැහැදිලි ය.

ඉන්පසු පැමිණි යහපාලන ආණ්ඩුව, කලින් පැවති මහින්ද රාජපක්ෂගේ  ගජමිතුරු ධනවාදී පිලිවෙතින් බැහැරව වෙළඳපොළ  ආර්ථික මොඩලය අනුගමනය කිරීමත් IMF ණයක් ලබාගැනීමත් ඒ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සිදුකිරීමත්, මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීම මඟින් යුරෝපීය සහ අන්තර්ජාතික වෙළඳපොළ  පුලුල් කරගැනීමත්, ආර්ථික කළමනාකරනය යම් ප්‍රශස්ථ මට්ටමකින් සිදුකිරීමත් හරහා ණය උගුලෙන් බේරී අර්ථික සමුර්ධිය ලඟාකර ගැනීමේ මාර්ගයට අවතීර්න වීමට හැකි වූ බවත් , නිරීක්ෂණය කළ හැකි ය.

යහපාලන ආර්ථිකය

හම්බන්තොට වරාය දීර්ග කාලීන බදුදීම හරහා විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම, ටයර් සහ සිමෙන්ති නිෂ්පාදනය සඳහා පුද්ගලික අංශයේ කර්මාන්තශාලා ඇතිකිරීම සඳහා විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම, සංචාරක කර්මාන්තය සහ අනිකුත් සුලු හා මධ්‍යම ප්‍රමාණ කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ජයඉසුර ණය ක්‍රමය ලබාදීම ආදී වෙළෙඳපොළ ප්‍රතිසංස්කරන සිදුකළත් රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරන සිදුකිරීමට නොහැකිවීම නිසා බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීමට අසමත් විය. දේශපාලන ධාරා දෙකකින් සමන්විත වීම එම ආණ්ඩුවේ  මෙම දුර්වලතාවයට හේතු වූ බව අනුමාන කළ හැකිය. වක්‍ර බදු වෙනුවට සෘජු බදු සහ සෘජු බදු පදනම පුලුල් කිරීම, ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරන ලෙස දැක්විය හැකි ය.

මේ අතර ආධුනිකයෙකු වූ ගෝටාභය, මහින්ද රාජපක්ෂගේ ගජමිතුරු කල්ලිය විසින් කරලියට ගෙනඑන ලදුව ඔහු හරහා තමන්ට අවශ්‍ය බදු සහන ලබාගැනීමට කටයුතු කරන ලදී. ඒ හරහා ඇතිවූ රාජ්‍ය ආදායමේ අඩුව පිරිමසා ගැනීම සඳහා ආනයන අධෛර්ය  කිරීමට හා බලපත්‍ර (පර්මිට්) ක්‍රමය යටතේ  ආනයන කිරීම හඳුන්වා දීමටත්, කටයුතු කෙරුණේ දේශීය දෑ අගය කිරීමේ අදහස ප්‍රචලිත කරමිණි.

ආර්ථිකය විනාශ කිරීම

ජපානය විසින් ඉතා වාසිදායක කොන්දේසි මත ලබාදීමට එකඟ වූ ලයිට් රේල් ව්‍යපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟ වූ කැළනිවැලි දුම්රිය මාර්ගය කුලුනු මත දිවෙන විදුලි දුම්රියක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යපෘතිය ද අතහැර දමා ඒ වෙනුවට වානිජ පොලී මත චීන ව්‍යපෘති ලබාගැනීමට ගෝටාභය රජය උත්සාහ කළ ද පැවති අයහපත් මූල්‍ය තත්ත්වය හමුවේ එය සාර්ථක වූයේ නැත. දුර්වල වෙමින් පැවති ආර්ථික තත්ත්වය නිසා ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පහළ හෙලීම් හමුවේ  තවදුරටත් ණය ලබාගැනීමට නොහැකිවූ අතර අවසානයේ බංකොළොත් බව ප්‍රකාශ කිරීමට සිදුවිය.

 

එබැවින් වියත්මඟ හරහා කරලියට ගෙනා දේශීයත්වය මුල්කරගත් ආර්ථික මොඩලය එනම් ගජමිතුරු ආර්ථික ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව පැහැදිලි වෙයි.

අරගලයට මග පෑදීම

මෙම වැරදි ආර්ථික ක්‍රමවේදය ජනතාව මත පටවන ලද පීඩනය විසින් අරගලය බිහිකරනු ලැබීය. මෙහි පුරෝගාමීන් තරුණ ප්‍රජාවයි. ජාති ආගම් භේද වලින් තොර වූ මෙම ව්‍යාපාරයේ කැපීපෙනෙන ලක්ෂණය  වූයේ නිර්පාක්ෂික වීම යි. මෙහි දැක්ම වුයේ system Change හෙවත් ක්‍රමයේ වෙනස වන අතර මෙහෙවර වූයේ Go Home Gota යන්න යි. එය ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අතර මැයි 9 වැනිදා සිදුවූ ප්‍රහාරයත්, මහින්ද රාජපක්ෂගේ  ඉල්ලා අස්වීමත් ඒ සමඟම එම ආණ්ඩුව  අහෝසි වීමත්, එම ආණ්ඩුවේ  මැති ඇමති බොහෝ දෙනෙකුගේ ගෙවල් ගිනිතැබීමත්, පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් තැනීමත් තුළින් බිහිවූ බලාපොරොත්තුත්, නිසා අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත්ව එහි තීවෘතාවය යම් ප්‍රමානයකට අඩුවිය. මෙ හිඩැස යම් ප්‍රමාණයකට ප්‍රතිපූර්ණය කළෙත්, එහි මාධ්‍ය ප්‍රකාශකයින් බවට පත්වූයේත් පෙරටුගාමීන්ට සහ ජවිපෙට සම්බන්ධ කණ්ඩායම්ය.

මැයි 9 න් පසු අරගලය

මැයි 9 සිදුවූ වෙනස්කම්වලින් පසු අරගලයේ මතවාදී වෙනස්කමක් දක්නට ලැබිණි. එනම් එදිනට පෙර බලාපොරොත්තුවූ system change එක එනම් වංචා, දුෂණ වලින් තොර වෙළඳපොළ ආර්ථිකයක් පිලිබඳ තිබූ බලාපොරොත්තු වෙනුවට සමාජ සුභසාධනය දෙසට නැඹුරු වූ සමාජවාදී චින්තනයක් ආදේශ වීම යි. අමතර වශයෙන් දියවන්නාවෙන් පිට බලය පිහිටුවීමක් පිලිබඳ අදහසක් ද ඒ සමඟ ම කරලියට පැමින තිබිණි

නැවතත් අගමැති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ යනු ආරම්භයේ සිට ම ජාතිවාදය තදින් ම ප්‍රතික්ෂෙප කළ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ අඛන්ඩ විශවාසයක් තැබූ අයෙකි. ඔහුට මෙවර සිදුවූයේ 2020 දී ඔහු බලයෙන් පහකළ කණ්ඩායමට ම නායකත්වය සපයමින් ආණ්ඩුවක් පිහිටුවා එම කණ්ඩායමේ යම් කොටසක් විසින් අගාධයට යවන ලද සහ බංකොලොත්භාවයට පත්කරන ලද රටේ ආර්ථිකය පිලිසකර කිරීමට සහ රට පවත්වාගෙන යෑමට යි. මෙවර බලයට පත්වීමෙන් පසු ද ඔහුගේ ක්‍රමවේදයේ වෙනසක් දකින්නට නැත. එනම් ඔහු මෙතෙක් අනුගමනය කළ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව තවදුරටත් කටයුතු කිරීම යි. විදුලිබල පනත විදේශ ආයෝජන ආකර්ශනයට පහසු වන සේ  සංශෝධනය කිරීම, ඉන්ධන මිල සූත්‍රය නැවත බලාත්මක කිරීම, විදුලි මිල සහ දුම්රිය ගාස්තු සංශෝධන පටන් ගැනීම ආදී ආර්ථික ප්‍රතිසංස්කරන කඩිනමින් ගෙන ඒමෙන් එම දිශානතිය පෙන්නුම් කරයි.

ජනතා මුදලින් සුදු අලි නඩත්තුව

රාජ්‍ය ආයෝජන මඟින් සපයන සේවාවන්ගේ මිල අඩුවෙන් පවත්වාගෙන යෑම ජනතාවට සහනයක් ලෙස පෙනුන ද එම සේවාවන් පවත්වාගෙන යෑම සඳහා ජනතාව නොදැනුවත්ව භාණඩාගාරය තුළින් වැය වන ජනතා බදු මුදල් ප්‍රමාණය ද, වියදමට එනතුකර ගණනය කර බැලීමේ දී පෙනියන්නේ එම ආයතනවල පවතින අකාර්යක්ෂමතාවයට, නාස්තියට සහ දුෂණයට වැය වන මුදල් ද ජනතාව ගෙවමින් එම ආයතන නඩත්තු කරන බව යි.’

මේ බව පසුගිය දිනක කෝප් කමිටුවේ දී හෙලිදරව්වූ ඉන්ධන මිල ගණන් වල විෂමතාවය තුළින් සහ විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තුගත අධික වියදම් වලින් ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු වලින් ද මනාව අවබෝධ කරගත හැකි ය.

මැයි 9 න් පසු අරගලයේ තීවෘතාවය හා දිශානතියේ යම් වෙනසක් සිදුවුවත් එහි මෙහෙවරෙහි (mission) එතරම් වෙනසක් සිදුවූයේ නැත. ඒ වෙනුවට Gota Ranil Go Home ලෙස එය මදක් වෙනස්ව තිබිණි. මෙම වෙනසට හේතුව ප්‍රතික්ෂෙප වී ඇති රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී ඇති බවට ඇතිවූ මතය අනුව ය. රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ රට භාර නොගත්තේ නම් ගෝටාභය රාජපක්ෂ බිත්තියට හේත්තු කිරීම හරහා ඔහු එලවා දැමීමට අවස්ථාවක් තිබූ බව අරගලකරුවන් විශ්වාස කළ බව මෙයින් පැහැදිලි වන්නේ ය. මෙම අදහස අරගල කරුවන්ගේ මෙන් ම අගමැති සිහිනයේ සිටි අනෙකුත් දේශපාලකයන්ගේ ද විය හැකි ය.

මැයි 9 න් පසු අරගලයේ තීවෘතාවය හා දිශානතියේ යම් වෙනසක් සිදුවුවත් එහි මෙහෙවරෙහි (mission) එතරම් වෙනසක් සිදුවූයේ නැත. ඒ වෙනුවට Gota Ranil Go Home ලෙස එය මදක් වෙනස්ව තිබිණි. මෙම වෙනසට හේතුව ප්‍රතික්ෂෙප වී ඇති රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී ඇති බවට ඇතිවූ මතය අනුව ය. රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ රට භාර නොගත්තේ නම් ගෝටාභය රාජපක්ෂ බිත්තියට හේත්තු කිරීම හරහා ඔහු එලවා දැමීමට අවස්ථාවක් තිබූ බව අරගලකරුවන් විශ්වාස කළ බව මෙයින් පැහැදිලි වන්නේ ය. මෙම අදහස අරගල කරුවන්ගේ මෙන් ම අගමැති සිහිනයේ සිටි අනෙකුත් දේශපාලකයන්ගේ ද විය හැකි ය.

වැදගත් කුමක් ද ?

මීට ප්‍රතිපක්ෂව ඇති මතයට අනුව රාජපක්ෂවරුන් දඬුකදේ ගැසීමට වඩා මේ  අවස්ථාවේ  වැදගත් වන්නේ ඔවුන්ගේ  අනුවනකම් නිසා රටට සහ ජනතාවට සිදුවන්නට යන ආපසු හැරවිය නොහැකි සහ දීර්ඝ  කාලීන විනාශයෙන් රට ගලවාගැනීමට අප්‍රමාදව කටයුතු කළ යුතුව තිබූ බව යි. කෙසේ හෝ මේ වන විට අරගලයේ මුක්‍ය පරමාර්ථය සාක්ෂාත් කරගෙන හමාරය. ඉතිරිවී ඇත්තේ පසුව එක් කරගත් අවශ්‍යතාවයක් වන රනිල් වික්‍රමසිංහ එලවා දැමීම යි. මෙය අවශ්‍යතාවයක් වන්නේ ඔහු රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට ඉදිරියේ  දී කටයුතු කරනු ඇතැයි යන උපකල්පනය හේතුවෙන් පමණකි. එම උපකල්පනය සත්‍ය වීමට ද බොහෝ දුරට ඉඩ ඇති බව පෙනීයන්නේ රනිල් වික්‍රමසිංහ එසේ ආරක්ෂා කළත් නොකළත් ව්‍යවස්ථාපිත බලය, ගජමිතුරු සහ තමන්ගේ ම මුදල් බලය රාජපක්ෂවරුන් අතහැර ගොස් නොමැති හෙයින් එමඟින් ඔවුන්ගේ  ආරක්ෂාව ස්වයංක්‍රීයව ම සැපයෙන බැවිනි. එබැවින් ඔවුන් කොල්ලකනු ලැබූ ධනය ආපසු ලබාගැනීම ද දුෂ්කර මෙන් ම කල්ගතවන ක්‍රියාවක් වනු ඇත. එබැවින් මේ අවස්ථාවේ අවශ්‍යවන්නේ  මැතිවරනයක් පැවැත්විය හැකි තත්ත්වයක් කරා ආර්ථිකය ගමන් කරන තුරු සිහිබුද්ධියෙන් කටයුතු කිරීම යි.

එසේ ම බංකොළොත් වූ ආර්ථිකයක් යලි යථාවත් කිරීම භාරදූර කර්යයක් වනවා සේ ම ඒ සඳහා අරගලය ඉල්ලූ system change එසේ  නොමැති නම් ක්‍රමයේ වෙනස සිදුකිරීම ද අනිවාර්ය බව ජනතාවට ඒත්තු ගැන්වීම ද ඉතා භාරදූර කාර්යයකි.

අවශ්‍ය දේශපාලන නායකත්වය

එබැවින් එම වෙනස සිදුකිරීමට ඒ සඳහා බලවත් දේශපාලන නායකත්වයක් අත්‍යඅවශ්‍ය බව අවධාරනය කළ යුතු ය. කෙටිකාලීන අවශ්‍යතා සඳහා IMF සහ අනිකුත් ණය මත යැපීමට සිදුවුව ද මධ්‍ය කාලීන සහ දිගුකාලීන සැලසුම් වල දී දැනට පවතින රජ්‍ය කේන්ද්‍රිය ඒකාධිකාරී ව්‍යාපාර ප්‍රතිව්‍යහගත කිරීම සහ ඒවායේ අයෝජනය කිරීම සඳහා විදේශීය ප්‍රාග්ධනය ආකර්ශණය කරගැනීමට මග පෙන්විය හැකි නායකත්වයක අවශ්‍යතාවය ද අවධාරණය කල යුතු ය. තව ද ආයෝජන ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සබඳතා සහ ගිවිසුම් පිලිබඳ විශ්වාසය ඇති ඒ බව මහජනයාට ඒත්තු ගැන්විය හැකි නායකත්වයක් අවශ්‍ය ය. මේ පසුබිම සකස් කිරීමේ අනිකුත් අවශ්‍යතා වශයෙන් නිතිය ක්‍රියාත්මක වීම, අධිකරණ, මහජන ආරක්ෂාව, රාජ්‍ය යන්ත්‍රය යන අංශ ප්‍රතිව්‍යහගත කිරීම ඇතුළත්ය.

එබැවින් එම වෙනස සිදුකිරීමට ඒ සඳහා බලවත් දේශපාලන නායකත්වයක් අත්‍යඅවශ්‍ය බව අවධාරනය කළ යුතු ය. කෙටිකාලීන අවශ්‍යතා සඳහා IMF සහ අනිකුත් ණය මත යැපීමට සිදුවුව ද මධ්‍ය කාලීන සහ දිගුකාලීන සැලසුම් වල දී දැනට පවතින රජ්‍ය කේන්ද්‍රිය ඒකාධිකාරී ව්‍යාපාර ප්‍රතිව්‍යහගත කිරීම සහ ඒවායේ අයෝජනය කිරීම සඳහා විදේශීය ප්‍රාග්ධනය ආකර්ශණය කරගැනීමට මග පෙන්විය හැකි නායකත්වයක අවශ්‍යතාවය ද අවධාරණය කල යුතු ය. තව ද ආයෝජන ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සබඳතා සහ ගිවිසුම් පිලිබඳ විශ්වාසය ඇති ඒ බව මහජනයාට ඒත්තු ගැන්විය හැකි නායකත්වයක් අවශ්‍ය ය.

එසේ ම අරගලයට අවශ්‍ය වූ ක්‍රමයේ වෙනස සිදුකිරීමට නම් ඒ සඳහා කැපවීමක් හා දැක්මක් ඇති දේශපාලන නායකත්වයක් සමඟ සම්මුතියකට යාමට හා ඒ නායකත්වය බලයට පත් කර ගනීමට ද උත්සුක විය යුතුය.’

අරගලය වෙනතක

එහෙත් වර්තමානයේ අරගලයේ දිශානතිය ඒ දෙසට යොමු වී ඇති බවක් පෙනෙන්නට නැත. ඒ සඳහා නායකත්වයක් ගොඩනඟා ගැනීමට ද සමත්ව නැත. දැනට පෙතනෙන්නට ඇත්තේ වාමාංශික යයි කියා ගන්නා කණ්ඩායම්  විසින් අරගලය අත්අඩංගුවට ගෙන ඇති බවකි. එහෙත්, මේ වන විට අරගලයේ මෙහෙවර වන රාජපක්ෂවරුන් ගෙදර යැවීම අවසන්ව ඇති බැවින් ද අරගලයේ දැක්ම කෙටිකාලීන එකක් නොවන බැවින් ද එම දැක්ම සාක්ෂාත් කර ගැනීම මුලුමහත් සමාජය විසින්ම භාරගත යුතු ය.

රනිල් වික්‍රමසිංහ මේ වන විට වැඩබලන ජනාධිපති ලෙස පත්කර ඇත. ඉහත දැක් වූ අරගලයේ දැක්ම (vision) වන ක්‍රමයේ වෙනස System Change ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟාගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බැවින් ද ඒ සඳහා රනිල් වික්‍රමසිංහ තරම් සුදුසු පුද්ගලයෙකු  වර්තමාන ලාංකික දේශපාලන භූමියේ නොමැති බැවින් ද ඔහු ඉදිරි කාලයේ දේශපාලන භූමියේ රඳවා තබාගැනීම පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාවගේ වගකිමකි.

කීර්ති ගොඩිගමුව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *