‘‘රනිල් යටතේ අගමැති ධූරය ගන්නේ නෑ‘‘ – සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක


 

රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගැනීමට කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද (17) පැවසීය.

සමගි ජන බලවේගයේත්, සමඟි ජන සන්ධානයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා අවශ්‍ය වන්නාවූ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සාකච්ඡාවට ලක්වූ බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ව සිටියහ.

(නිමල කොඩිතුවක්කු)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *