පා ගමනට ජනතා සහභාගිත්වයක් නැත්තෙ එය ජනතා ද්‍රෝහි පාගමනක් නිසා – චන්ද්‍රසේන විජේසිංහ

‘බල්ලොත් එක්ක දේශපාලනය කරල මැක්කො සුදු ඇඳුම්වල දුවනව කිව්ව අය, අද ඒ අයවම බලයට ගේන්න පාගමන් සංවිධානය කරනව. ¥ෂණය, නාස්තිය, හොරකම, කැළෑ නීතිය තම ආත්මය කරගත්ත ඒකාධිපති දේශපාලන සංස්කෘතිය මොන විදිහකින්වත් නැවත මේ රටේ ස්ථාපිත කරන්න දෙන්න පුලූවන්කමක් නෑ. ඒක වැලැක්වීම සඳහා ගත හැකි හැම පියවරක්ම අපි ගන්නව.

අද මාධ්‍ය හරහා සාකච්ඡුාවෙන විශේෂ කාරණයක් තමයි ඒකාබද්ධ විපක්‍ෂයෙන් සූදානම් කරන ජන සටන පා ගමන. මේක ජන සටනක් නම් මේ සටනෙ අපි ඉන්නව. මේක ජනතා අපේක්‍ෂාව වෙනුවෙන්, ජනතාවට අයිතීන් දිනාදීම වෙනුවෙන් මේ ආණ්ඩුවෙ ගමන් මග නිවැරදි කිරීම වෙනුවෙන් ගන්නා අවංක ප‍්‍රයත්නයක් නම් එතන පුරවැසියන් ඉන්නව. මේකට ජනතා සහභාගීත්වයක් නෑ. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි මේක ජනසටනක් නොවන නිසා. මේක ජාතික උවමනාවෙන් නැත්නම් යහපත් චේතනාවකින් කෙරෙන අරගලයක් නොවන නිසා තමයි එතන පුරවැසි හඬ නැත්තෙ.
ඔබට මතක ඇති මේ බල පෙරළියෙන් පසුව මහින්ද රාජපක්‍ෂ පාලනයේ ඇමතිවරු ඒ පෙරළිය පිළිබඳ විවිධ විග‍්‍රහයන් කළා. මාතර දිස්ත‍්‍රික්කයෙ හිටපු අමාත්‍යවරයෙක්, රාජපක්‍ෂ රජයේ ඉදිරිපෙළ සාමාජිකයෙක් තමයි ඩලස් අලහප්පෙරුම මැතිතුමා. බලපෙරළියෙන් පස්සෙ ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කෙරුව. ‘අපි කාත් එක්කද හිටියෙ කියන එක තේරුම් ගත්තෙ අපේ සුදු ඇඳුම්වල මැක්කො දුවනකොට’ කියල. මේ ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමාගෙ වචන. ඔහු නොකියා කිව්වෙ අපිට එදා ඉන්න සිද්ධ වුනේ බල්ලොත් එක්ක කියල. එහෙත් අද මේ පා ගමන සූදානම් වෙන්නෙ කාත් එක්කද? දැන් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා ඉන්නේ කාත් එක්කද? එයා හිටියෙ වැරදි තැනයි කියල තේරුම් ගත්තනම් අද ඔහු ඉන්න  ඕනැ කොතනද?
මේ පාගමනෙ සංවිධායකයො කවුද? ¥ෂිතයින්ට කල්ලි ගැහෙන්න. ¥ෂිතයන්ට මේ වගේ සුජාතභාවයක් හදා ගන්න වෑයම් කරන්න හරි ඉඩකඩක් නිර්මාණය කළේ වර්තමාන පාලකයො. වර්තමාන පාලකයො එක පැත්තකින් වගකියන්න  ඕන කම තියෙනව මේ වගේ ¥ෂිතයින්ට, වංචා කාරයින්ට අපරාධ කාරයින්ට නීතිය ක‍්‍රියාත්මක නොකර මේ විදිහට සමජය නොමග යවන්න, කල්ලි ගැහෙන්න ඉඩ දීමේ වරද වර්තමාන රජයට තියෙනව. වර්තමාන රජය ¥ෂණයට එරෙහිව පියවර ගත්තා නම්, අද ¥ෂිතයින්ට මේ වගේ කල්ලි ගැහෙන්න ඉඩකඩක් නැහැ. අනෙක් පැත්තෙන් වර්ථමාන පාලනය තුළ සිදුවුන ¥ෂණ කි‍්‍රයාවක් ගැන නිසි පියවර ගත්තා නම්, ¥ෂණ වලට විරුද්ධව ක‍්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් විදිහට අර්ථකථනය කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ.
එදා අර්ජූන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා දින 100 පාලනය තුළ, ආරම්භක පැයේ ජනතා අපේක්‍ෂාවන් කුඩු පට්ටම් කරල, පළමු වරට මේ පාලනයේ ජනතා විශ්වාසය බින්දා. මේ මහබැංකු අධිපතිවරයා කරපු මූල්‍යමය අපරාධ ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් නොකර මගහරින ප‍්‍රතිපත්තිමය තීරණයකට රජයේ සමහර කොටස් කරුවන් එක`ග වුනා. ඉතාම වෑයමෙන් තමයි අද එතනින් මහබැංකුව නිදහස් කරගන්න පුලූවන්කම ලැබුනෙ. අදත් සාකච්ඡුාවක් යනව අර්ජූන් මහේන්ද්‍රන් කොතනද තියන්නෙ කියල. මාධ්‍ය වල පසුගිය දවස් වල සාකච්ඡුා වුනා. ඒ පිළිබඳ ප‍්‍රශ්නය අග‍්‍රාමාත්‍යතුමාගෙන් අහන විට අග‍්‍රාමාත්‍ය තුමා කියන්නෙ අර්ජුන් මහේන්ද්‍රන්ට අලූත් තනතුරක් දීල නෑ කියල. එතුමා එහෙම කියන ගමන් කියනව, මගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ්  රැුකියා දසලක්‍ෂක් ඇති කිරීමේ වගකීම එතුමට බාර කරනව කියල. අනිත් පැත්තෙන් කියනව ආර්ථිකයට අදාල මහ බැංකුව ඇතුළු සියලූ ආයතන අර්ජූන් එක්ක වැඩ කරන්න  ඕන කියල. අගමැතිතුමාගෙ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කවුරු හිටියත් අපිට ප‍්‍රශ්නයක් නැහැ පෞද්ගලික වැඩ කරගන්න. ප‍්‍රශ්නෙ තියෙන්නෙ, ¥ෂණ කටයුත්තකට චෝදනාවකට ලක් වෙච්ච, තවමත් විමර්ශන කටයුතු අවසන් වෙලා නැති අර්ජූන් මහෙන්ද්‍රන්ට අද මේ රටේ ප‍්‍රබලම මර්මස්ථානය රැුකගැනීමේ වගකීම බාර දෙනව නම්, අපි ඒ ගැන මේ රජයෙන් ප‍්‍රශ්න කරනව. අර්ජූන් මහේන්ද්‍රන් වග වෙන්නෙ කොතනද?
අපි දන්නව අර්ජූන් මහේන්ද්‍රන් එදා මහබැංකු අධිපතිවරයා විදිහට සිටියදි අපිට ප‍්‍රශ්න කරන්න පුලූවන්කම තිබුණ ඔහුගේ භාවිතාව. දැන් ඒ භාවිතාව ප‍්‍රශ්න කරන්න බැරි තැනක රඳවල ඔහුගේ අරමුණු ඉටුකරගන්න පුලූවන් තැනකට දැන් ඉඩකඩ හදමින් යනව. අපි රජයට කියනව මෙවැනි කොළේ වහල ගහන ගැහිලිවලට කිසිලෙසකින්වත් ජනතාව නොමග යවන්න අපි ඉඩ දෙන්නෙ නෑ. ඊට එරෙහිව සිවිල් සමාජ හැටියට ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග අපි ගන්නව. මේ ආණ්ඩුව නිවැරදි දිසාවට, ජනතා අපේක්‍ෂාවන් ඉටු කරන තැනට ගෙන ඒම වෙනුවෙන් අපි පෙනී සිටිනව.
එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් වරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්වරයා ඔවුන්ගෙ දීගය ගැන මාධ්‍ය ඉදිරියෙ කතා කරනව පසුගිය දවසක අපි දැක්ක. ඔවුන්ගේ දීගය දැන් වසර දෙක වසර පහකට සංසෝධනය කරගන්නව කියල කථිකාවක් යනව. හැබැයි අපි එක දෙයක් මේ ගැන කියන්න  ඕන කම තියෙනව. ඉතිරි කාලයත් මේ අය දීග කන්නෙ මෙතෙක් දීග කාපු විදිහටම නම්, මේ දීගෙන් ඒ අයට පුංචි ජොලියක් ඇති නමුත් රටට වැඩක් නැහැ. සාකච්ඡුාවක් නැතුව, සම්මන්ත‍්‍රණයක් නැතුව, එක`ගතාවයක් නැතිව, රටේ උගතුන් බුද්ධිමතුන් සහභාගීත්වයක් නැතිව, හීනෙන් බයවුණා වගේ කුණු කෙළ පිටින් ගන්න හදිසි තීරණ හරහා රට අවුල් කරන පිළිවෙතක නම් තව දුරටත් සූදානම් වෙන්නෙ ‘මේ දීගෙන් වැඩක් නෑ’ කියන කාරණය තමයි අපිට කියන්න තියෙන්නෙ. ඒ නිසා අපි එකදෙයක් කියන්න  ඕන කම තියෙනව, මේ ගමන් මගේදී වෙනසකට යන්න ආණ්ඩුව සූදානම් වෙන්නෙ නැත්නම්, රට තුළ බරපතල වියවුලක් නිර්මාණය වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා කිසිලෙසකින්වත් අපි පරාජයට පත්කරපු ඒ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි පාලනය එහෙම නැත්නම්, ¥ෂණය, නාස්තිය, හොරකම, කැළෑ නීතිය තම ආත්මය කරගත්ත ඒකාධිපති දේශපාලන සංස්කෘතිය නැවත මොන විදිහකින්වත් මේ රටේ ස්ථාපිත කරන්න දෙන්න පුලූවන්කමක් නෑ. ඒක වැලැක්වීම සඳහා ගත හැකි හැම පියවරක්ම අපි ගන්නව. ඒ වගේම පාලකයින්ට පිස්සු නටන්න ඉඩ දෙන්නත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ සූදානමක් නෑ. දැන් ¥ෂණ නතර කරන්න ආව ආණ්ඩුව, නාස්තිය නතර කරනව කියල දිවුරල පොරොන්දු වෙච්ච ඇමතිවරු හැසිරෙන හැසිරීම බැලූවාම  අද මේ ආණ්ඩු දෙකේ වෙනසක් නෑ කියන තැනට ජනතාව තල්ලූවෙලා යනව.
කල්පනා කරල බලන්න පසුගිය දා පාර්ලිමේන්තුවෙදි එළිදරව් වුනා විශේෂයෙන්ම උසස් අධ්‍යාපන හා මාහාමාර්ග අමාත්‍ය කිරිඇල්ල අමාත්‍යවරයා තම අමාත්‍යංශයේ මාර්ග සංවර්ධන අධිකාරියට පමණක්  උපදේශක වරු රැුසක් පත්කරල තිබුණ කියල. එතුමා නම් කියන්නෙ 45 යි කියල නමුත් අපේ ලේඛන වල තියෙනව 56ක් කියල. පොඞ්ඩක් කල්පනා කරල බලන්න මේ ලේඛනයේ එතුමගෙ මාධ්‍ය ලේකම්ගෙ අම්මත් ඉන්නව මේකෙ. තාත්තාත් ඉන්නව මේකෙ. අයියත් ඉන්නව මේකෙ. එකම පවුලෙ තුන්දෙනෙක් ඉන්නව. උපදේශකවරු විදිහට මාර්ග සංවර්ධන අධිකාරියට පත්කරල. අනෙක් එක්කෙනා මාධ්‍ය ලේකම්. මේක ප‍්‍රශ්න කරනකොට ඇමතිවරයා දෙන උත්තරේ තමයි ‘අපි මහනුවර දිනුව ඡුන්ද අසූඑක්දාහකින්. දැන් උදව් කරපු මිනිස්සුන්ට අපි රස්සා දෙනව කියල. බලන්න කොච්චර බංකොලොත් උත්තරයක් ද කියල ඒ. රස්සාවක් නම් දීල තියෙන්නෙ මේ රටේ ජාතික ආර්ථිකයට පුංචි හරි උදව්වක් වෙන්න  ඕනෙ ඒ රැුකියාවෙන්. නැත්නම් ඒක රැුකියාවක් වෙන්නෙ කොහොමද?
අද රාජ්‍ය ආයතනයකට කොස්සක් ඉදලක් ගන්නත් විදේශ ණය ගන්න  ඕන වෙලා තියෙනව. එවැනි පුංචි දෙයවක්වත් කරන්න රටේ ආධායම ප‍්‍රමාණවත් නෑ. එවැනි තත්ත්වයක් යටතෙ රට ණය බරට වැටෙද්දි තමයි මේ ඇමතිවරු පිස්සු නටන්නෙ. එතුමා කියන්නෙ මම පත්වීම් දීල තියෙන්නෙ නීත්‍යානුකූලව කියලයි. එතුමා කියනව මම නීති විරෝධි වැඩක් කරල නැහැ කියල. අපි මේ රජයෙන් අහනව අගමැතිතුමා කියනව රැුකියා දසලක්‍ෂයක් දෙනව කියල. තමුන්නාන්සේලා රැුකියා දසලක්‍ෂය හදන්නෙ මෙහෙමද කියන කාරණය අපි තමුන්නාන්සෙලාගෙන් අහනව. එහෙම නම් ඒ රැුකියා දස ලක්‍ෂයෙන් අපිට වැඩක් නැහැ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *