මන්ත්‍රීවරුන් 90 කට පක්ෂ නායකයෝ 20 ක් ; පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී බහුතරයේ මතය යටපත් වන බවට චෝදනා

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 90 ක් පමණ නියෝජනය කිරීමට පක්ෂ නායකයින් 20 දෙනෙකු සහභාගී වන බවත්, එහි දී බහුතර මතය යටපත් වන බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෝ චෝදනා කරති.

පාර්ලිමේන්තුවේ ස්වාධින පක්ෂ ලෙස හඳුන්වන පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 ක් වෙනුවෙන් නායකයින් 10 දෙනෙකු , සමගි ජන බලවේගයේ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් 44 ක පමණ පිරිස සඳහා හය දෙනෙකු , ශ්‍රීලනිපය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය, සී වී විග්නේශ්වරන් මහතගේ පක්ෂය මෙලෙස සහභාගී වන බව කියති.

මෙම පක්ෂ සියල්ලෙන් පාර්ලිමේන්තුවේ දැනට සිටින්නේ මන්ත්‍රීවරුන් 90 කට අඩු සංඛ්‍යාවකි.

ඒ අතර පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන පොදුජන පෙරමුණෙන් සහභාගී වීමට ඉඩ ඇත්තේ එක නායකයකුට ය.

මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම බහුතරයේ මතය යටපත් කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත්, එය විපක්ෂයේ ප්‍රචාරක උපකරණයක් ලෙස භාවිත වන බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියති.

ජන මාධ්‍යය ද මෙම තත්ත්වය අසාධාරණ ලෙස භාවිතා කරන බවට ඔවුහු චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *