එල්ටීටීඊය දෙකඩ කළ රනිල් අරගලය සී සී කඩ බෙදුවා – අරගල බිමේ නායකයින්ගෙන් චෝදනා

එල්ටීටීඊ සංවිධානය දෙකඩ කළ රනිල් අරගලය සී සී කඩ බෙදු බවට අරගලයේ ඇතැම් නායකයින් චෝදනා කරන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි.

එල්ටීටීඊය කැඩූ රනිල්ට අරගලය කැඩීම සුළු දෙයක් බවත්, එම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරන ලෙසත් එම වීඩියෝ මගින් ඉල්ලා සිටියි.

අරගල භුමියේ ඊයේ සහ අද දිනවල බරපතළ මත ගැටුම් සහ ප්‍රචණ්ඩ ගැටුම් ද ඇති වූ අතර තුවාල ලැබූ 14 කට වැඩි පිරිසක් රෝහල් ගත කරනු ලැබී ය.

කෙසේ වෙතත්, අරගල බිමට එක් වූ විවිධ කණ්ඩායම් අතර මත ගැටුම් දිගටම පවතී බව වාර්තා වෙයි.

ඊයේ සහ අද වන විට එම තත්ත්වය වඩාත් උත්සන්න වී තිබේ.

 

https://www.facebook.com/1453824807/videos/634992907490087/

https://www.facebook.com/1453824807/videos/592967095688326/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *