ජනාධිපති , අගමැති එකවර ඉවත් වුණොත් රටේ අර්බුදය තවත් වැඩි වෙනවා – දෙමළ ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන්

 

ශ්‍රීලංකාව තුල පවතින වත්මන් වාතාවරනය හමුවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා එකවර ඉවත් වුවහොත් ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩිවනු ඇතැයි හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය දෙමළ ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කරයි

යාපනයේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී  පැවතී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් විග්නේශ්වරන් මහතා මේ බව පවසා සිටියේ ය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී විග්නේෂ්වරන් මහතා මෙසේ ද පැවසීය

‘විපක්ෂයේ පක්ෂ සියල්ල එකට එකතුවෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සාදාගත යුතුයි. ඒ වගේම ආණ්ඩුව හදන්න යන්නේ මොනවගේ ප්‍රතිපත්තිවලින්ද කියන එකත් වැදගත් වෙනවා.

‘අපි දන්නවා ප්‍රධාන බලතල ජනාධිපති, අගමැති සහ කතානායක යන අයට පිළිවෙලින් පවතින බවට. නමුත් රටේ දැන් පවතින තත්වය මත ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම එකවර ඉවත්වීම මත රටතුල ප්‍රශ්න තවදුරටත් වැඩිවිය හැකියි. ඒ නිසා පළමුවෙන් එක් අයෙකු ඉවත් වී පසුව අලුත් ආණ්ඩුවක් බලයට ආපසු අනිත් කෙනා ඉවත්ව යන එක සුදුසුයි යන්න මගේමතයයි’

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *