අල්ලාගෙන සිටි මන්දිරවලින් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කරති

 

මෙතෙක් අත්පත් කරගත් සියලු ම මන්දිර  ගොඩනැගිලිවලින් ඉවත්වීමට තමන් සාමුහිකව තීරණය කළ බව ගාලු මුවදොර අරගලකරුවෝ අද ප්‍රකාශ කළහ.

තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදුවූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පලා ගොස් ඇති බවත් අරගලකරුවන් නියෝජනය කරන ළහිරු වීරසේකර මහතා පවසයි

අරගලය ආපස්සට නොගෙන අඛණ්ඩව පවත්වාගෙන යන බව කී වීරසේකර මහතා මෙම ගොඩනැගිලිවලින් ඉවත්වෙන්නේ ඒවා මහජන දේපල බවට පත්කරලමින් බව ද සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ගාලුමුවදොර පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තවත් අරගලකරුවෝ පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

අරගලයේ ප්‍රධාන ඉල්ලීම් ජයග්‍රහණය කොට ඇති බව සියලු නායකයෝ ප්‍රකාශ කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *