ජර්මානු යූරෝ මිලියන 13ක ගිවිසුමට අස්සන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේදී එකඟතාව පළ කළ යූරෝ මිලියන 13ක ප්‍රදානය මෙරටට ලබාදීමේ ගිවිසුම්වලට ඊයේ (25) මුදල් අමාත්‍යංශයේදී අස්සන් තැබිණි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබු අතර ජර්මානු තානාපති ආචාර්ය ජර්මන් මොහාර්ඩ් මහතා එරට රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීය.

විල්පත්තු ජාතික උද්‍යානය සහ ස්වාරක්ෂිත කලාප කළමනාකරණය ව්‍යාපෘතිය, උතුරු හා නැගෙනහිර පළාත් තුළ වෘත්තීය පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ ඒකාබද්ධතාව පරිවර්තනය පහසුකරණය සඳහා වන ව්‍යාපෘති සඳහා මේ ප්‍රදාන ලබාදී තිබේ.

මේ අතර ජර්මන් රජයේ යූරෝ මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන මත “ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත්වීම් මඟින් තාක්ෂණික සහ ප්‍රදාන ආධාර සහයෝගීතාවයන් ලබාදෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.

ජයසිරි මුණසිංහ – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *