සර්ව පාක්ෂික ආණ්ඩුවටත් සජබයෙන් ලෙඩක් ; ජනාධිපතිධුරයත්, අගමැතිධුරයත් දෙක ම ඉල්ලයි

පාර්ලිමේන්තුවෙන් යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්වන්නේ නම් එහි ජනාධිපතිධුරය සහ අගමැති ධුරය යන දෙක ම සමගි ජන බලවේගයට ලැබිය යුතු බව එම පක්ෂය ඉල්ලා සිටීම නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට ද ප්‍රශ්න මතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධුරයත්, සරත් ෆොන්සේකා මහතාට අගමැති ධුරයත් ලබාගැනීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

ආණ්ඩුව ඉවත්වූ විට  ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ප්‍රධාන විපක්ෂයට ලැබිය යුතු බවත්, අනෙක් පක්ෂ එයට ආධාර කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් එය අරාජික තත්ත්වයකට හේතු විය හැකි බවත්, සමගි ජන බලවේගයේ නායකයින් ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත්, ජනතාව ඉල්ලා සිටින්නේ විපක්ෂයේ ආණ්ඩුවක් නොව සර්ව පාක්ෂික ආණ්ඩුවක් බව මීට එරෙහිව අදහස් දක්වන උදවිය ප්‍රකාශ කොට තිබේ.

වැඩබලන  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක වරයාගෙන් ඊයේ ඉල්ලා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහය දිනාගත හැකි මන්ත්‍රීවරයකු නම් කරන ලෙසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට බලය පැවරීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉවත්වීමට සුදානම් බව ද ඒ මහතා දැනුම් දී තිබේ.

විපක්ෂයේ පක්ෂ නායකයෝ මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡා කරමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *