පාර්ලිමේන්තුව අල්ලාගැනීමේ උත්සාහය ව්‍යර්ථ කෙරෙයි

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදී එය අල්ලා ගැනීමට අරගලකාරී කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ දැරූ උත්සහයක් ආරක්ෂක හමුදා විසින් දැඩි පරිශ්‍රමයකින් ව්‍යර්ථ කළ බව ආරක්ෂක සේවා ආරංචි මාර්ග කියයි

ඊයේ මධ්‍යම රාත්‍රිය ද පසුවන තෙක් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ සහ දියත උයන ප්‍රදේශයේ බරපතළ ගැටුම් පැවතියේ ය.

අරගලකරුවන් විසිරවීම සඳහා කඳුළු ගෑස් , ජල ප්‍රහාර, සහ බැටන් ප්‍රහාර ද යොදාගෙන තිබේ.

තුවාල ලැබූ 42 කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ

මෙය අරගලයේ සිටින එක් කණ්ඩායමක් විසින් හිතුවක්කාර ලෙස මෙහෙයවන ලද අරගලයක් බවත්, එයට ගෝල්ෆේස්හි සිටින ප්‍රධාන කණ්ඩායමේ සහය නොලැබුණු බවත්, අරගල භුමියේ ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තුව අල්ල ගැනීමේ අරගලය පැතුම් කර්නර්ගේ කණ්ඩායම විසින් මෙහෙයවන ලද බවත්, ගෝල්ෆේස් අරගල භුමියේ සිටින “රැට්ටා” හෙවත් රතිඳු ඇතුළු කණ්ඩායම එයට විරුද්ධ වූ බවත් අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *