ජනපති ගෝඨාභය සිංගප්පූරු ඊයේ නොයයි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ එස්.කිව් 437 සිංගප්පූරු ගුවන් යානයෙන් පිටත් නොවූ බව විිදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආරක්ෂක හේතුන් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,ලෝමා රාජපක්ෂ මහත්මිය සහ ආරක්ෂකයන් දෙදෙනා  එම ගුවන් යානයෙන් පිටත් නොවූ බව එම මාධ්‍ය සඳහන් කළේය.

සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(13) මාලදිවයින් වේලාවෙන් පස්වරු 11.25 ට සිංගප්පූරුවට පිටත් වීමට නියමිත තිබූ බැවින් මාලදිවයිනේ වෙලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ බවත් සිංගප්පූරුවට යෑමෙන් පසු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යැවිය හැකි බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් පැවසුවේය.

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *