තායිලත්නයේ ” සියාම් සිටි ” හොල්සිම් ලංකා මිලදී ගනී

ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ශ්‍රී ලංකාවේ ලෆාජ්හොල්සිම් ව්‍යාපාර ඒකකය වන හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලන්තයේ Siam City සිමෙන්ති පොදු සමාගම සමඟ ගිවිසුමකට එළඹි බව ලෆාජ්හොල්සිම් සමාගම නිවේදනය කර සිටී.

මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම අනුකලිත සිමෙන්ති කර්මාන්තශාලාව හා සිමෙන්ති සම්මිශ්‍රණාගාරය මෙහෙයවීමේ හිමිකම මින් ඉදිරියට තායිලන්තයේ සියාම් සිටි සමාගම වෙත හිමිවනු ඇත.

මෙම ගනුදෙනුවේ සියලු කටයුතු 2016 තෙවන කාර්තුව අවසාන වීමට ප්‍රථම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ලෆාජ්හොල්සිම් වැඩිදුරටත් නිවේදනය කර සිටී.

ලෆාජ්හොල්සිම් විසින් සිය ශ්‍රී ලංකා ව්‍යාපාර ඒකකය විකුණා දැමීම පිළිබඳ නිවේදනය කිරීමත් සමඟම ඉන්දියාවේ Dalmia Bharat, Shree Cements සමාගම් සමග චීන හා තායිලන්ත සමාගම් ද ඒ වෙනුවෙන් උනන්දුව පළකර තිබූ අතර එහිදී ශ්‍රී ලංකාවේ පාර්ශව දෙකක් ද ඒ වෙනුවෙන් ලංසු ඉදිරිපත් කර තිබිණි.

එහිදී වැඩිදුරටත් කියැවුණේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයෙකු වන නන්දන ලොකුවිතාන ප්‍රධානත්වය දරණ ඩුබායි හි Onyx සමූහය ද මෙහි ලංසුකරුවෙකු වූ බවයි.

(දෙරණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *