ඒ 350-9000 ගුවන් යානා සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගම වැඩියෙන් ගෙවලා- රාජ්‍ය ව්‍යවසාය ඇමති කබීර් හසීම්

පලවා හරින ලද මහින්ද රාජපක්ෂ ගේ රෙජීමයේ පාලන කාලය අතර තුර රජයට සම්බන්ධ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ විවාදාත්මක ගණු දෙනුවක් වූ ඒ 350-900 ගුවන් යානා සඳහා බදු වශයෙන් වැඩිපුර මුදල් ගෙවා ඇති බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතා ප්‍රකාශ කරයි. බදු වශයෙන් අදාළ සමාගමට මසකට ගෙවා ඇති වැඩිපුර මුදල ඇමෙරිකානු ඩොලර් මිලියව 1.4 ක් බව වැඩිදුටත් සඳහාන් වේ.
අනිකුත් උපකරණ සඳහා බදුවශයෙන් මසකට ගෙවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 900,000- 10,00,000 පමණ වන බව සඳහන් වන අතර මෙයට අමතරව අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 400,000 ක් ශ්‍රි ලංකන් ගුවන් සමාගම ගෙවා ඇත. මේ වනවිටත් ශ්‍රි ලංකන් ගුවන් සමාගම එක ගුවන් යානයක් සඳහා ගෙවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් අවලංගු කර තිබේ.
වැඩි දුුරටත් දැනගන්නට ඇති ආකාරයට මෑත වසර වල ඒ 350 ගුවන් යානා වලට 30%ක් පමණ වැඩියෙන් ගෙවා ඇත. බදු මුදල් හරහා ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ මෙම දැවැන්ත පාඩුව මහජනතාවගේ කරමත වැටී ඇති බව පවසන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ මේ ගුවන් ගමන්වල වැඩියෙන් යෙදි ඇත්තේ විදේශිකයින් බවයි.
එමිරේට් ගුවන් සමාගමට ලබා දී තිබූ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ කළමණාකරනය, හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂ මහතා විසින් අවලංගු කරන ලද අතර තම මස්සිනා එහි සභාපතිකමට පත්කිරීමෙන් පසු මේ පාඩු ලැබීම ආරම්භ වූ බව කබීර් හසීම් අමාත්‍යවරයා පවසයි. තවද මෑත වසර වල ගණුදෙනු සම්බන්ධයෙන් විගණන වාරිතාවක් සකස්කරමින් පැවතින බව ද ඔහු සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *