අපේ මුළු ඉතිහාසයම මිත්‍යාවක් – ප‍්‍රවීන කලාකරු ලූෂන් බුලත්සිංහල.

Lusion Bulathsinghelaපහුගිය කාලේ අපේ සමාජයේ විවිධ වෙනස්කම් ඇති වෙනව. විවිධ දේශපාලන සංස්කෘතීන් වගේම, ආගන්තුකව පැමිණෙන තාක්‍ෂණික මෙවලම් පවා අපේ ජන ජීවිතයට බොහෝ බලපෑම් කරල තියෙනව. මෙම ටෙලිවිෂන් පෙට්ටිය අපේ රටට හඳුන්වාදීමේ කාර්යේ දී අපිත් පුරෝගාමි මෙහෙවරක් කරපු මිනිස්සු. 1982 දී රූපවාහිනී සංස්ථාව මෙහි ස්ථාපනය වෙනකොට එහි පුරෝගාමීන් හැටියට කටයුතු කරන්න සිද්ධවුනේ අපිට.
අපේ රටට රූපවාහිනිය. (ටී.වී. එක* හඳුන්වාදීම තමයි අපේ රට උඩු යටිකුරු කරපු අවස්ථාව. මම මේක උවමනාවෙන් අවධාරණය කරන්නෙ, මෙම ටී.වී. එක අපිට ලැබුනෙ බලාපොරොත්තු රාශියක් ඇතිව. මේක ජපන් රටෙන් ප‍්‍රධානයක් හැටියටයි අපිට දුන්නෙ අපේ රටේ ජනතාව දැනුවත් කරන්න. මෙහි මූලික අරමුණ වුනේ අධ්‍යාපනය. ලෝකෙ හැම රටකම රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කරන්නෙ ජනතාව දැනුවත් කරන්න. දැනුමෙන් ශක්තිමත් කරන්න. නමුත් අවාසනාවකට අපේ රටේ අද තියන රූපවාහිනී නාලිකා සහ සියලූම ගුවන් විදුලි නාලිකාවල මූලිකත්වය ජනතාව දැනුවත් කරීම නම් නෙමෙයි. ජපන් රාජ්‍යයෙන් මූලික ආධාර ලැබුන රූපවාහිනියට පවා නොහැකි වුණා දැනුමෙන් ජනතාව සන්නද්ධ කිරීමේ අරමුණ සාක්සාත් කරන්න. මේක ඉතාම භයානක දෙයක්. ටී.වී. එක නෙමෙයි වැරැුද්ද. ටී.වී. එකේ කිසි වැරැුද්දක් නෑ. හැම රටකම ටී.වී. එක විශාල මෙහෙවරක් කරනව ජනතාව දැනුවත් කරන්න. දරුවන්ගෙ අධ්‍යාපනය දියුණු කරන්න.
අවාසනාවකට අපේ රටට ආපු හැම දෙයක්ම ලැබිල තියෙන්නෙ ආනයනය කරල. අපිට බුද්ධාගම ලැබුනෙ ආනයනය කරල. අපට රජවරු එන්නෙ ආනයනය කරල. අපිට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ලැබෙන්නෙ ඒ විදිහට. මේ කිසි දෙයක් අපි විසින්, අපිම දැනුවත්වෙලා අපිම ගොඩනගාගත්ත දේවල් නෙමෙයි.  මේ ලැබෙන හැම දෙයක්ම ඉතාම උදාර අරමුණු සහිතව ලැබෙන දේවල්. මා දකින්නෙ විදිහට ඒ අතරින් බුද්ධාගම තමා අපිට ලැබුන වඩාත්ම වැදගත් වස්තුව. අපිට ලැබුණ ඒ මාහැ`ගි වස්තුව මොනතරම් දුරට විවිධාකාරයෙන් පිරිහීමට ලක්වෙලාද කියල අපිට දකින්න තියෙනව.
අපිට ලැබුණ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද මොනතරම් දරුණු විදිහට අපයෝජනයට ලක්වෙලා තියෙනවද කියල අපි කල්පනා කරන්න  ඕනෙ, මේ වැරැුද්ද ලැබිච්ච දේවල්වලද? එහෙම නැත්නම් අපි අතින් මේ දේවල් පරිහරණය වෙන විදිහද වැරැුද්ද? මේ දැනුම් සම්භාරය සඳහා ජනතාව රැුස්කිරීමට තියෙන ලොකුම ආයුධය තමයි මාධ්‍යය. විද්‍යුත් මාධ්‍ය හෝ වේවා, මුද්‍රිත මාධ්‍ය හෝ වේවා ජනතාව දැනුවත් කිරීම සඳහා පමණයි ලෝකෙ දියුණු රටවල පාවිච්චි කරන්නෙ. නමුත් අපේ අවාසනාවට අපේ මිනිසුන් අතර මිථ්‍යාව තියෙනවාටත් වඩා මිථ්‍යාවට වපුරන්න පටන් අරගෙන තියෙනව මාධය මගින්.
අපේ මුළු ඉතිහාසයම මිත්‍යාවක්. කවුරු හරි කියනවා නම් තමන්ගේ ඇගේ දුවන්නෙ තරිසනෙකුගෙ ලේ කියල, මම කියනව මම තමුසෙලගෙ ජාතියෙ නෙමේ කියල. අපේ ඉතිහාසය පටන්ගන්නෙ මිථ්‍යාවෙන්. ඒ මිථ්‍යාව තව දුරටත් වර්ධනය කරනව විවිධ ආකාරයෙන්. එක බොරුවක් වහන්න බොරු දහසක් කියනව වගේ අපේ ඉතිහාසය මිථ්‍යාවෙන් වපුරල තියනව. මේක අපේ රටට ආවේනික ලක්‍ෂණයක් වෙලා තියෙනව. බුද්ධාගමට වෙච්ච දේම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වෙලා තියෙනව.
අපිට ලැබුණ තාක්‍ෂණික මෙවලම් අද පාවිච්චි කරන්නෙ යහපත වෙනුවෙන් නෙමයි. කවුරුහරි ටී.වී එකට දොස් කියනව නම් ඒ දෝෂාරෝපණයෙන් කොටසක් මමත් බාර ගන්නව. මම අදත් ඒ මාධ්‍ය තුළ ජීවත් වෙනව. මගෙ මුල්ම රැුකියව ලෙස පත්වුනේ රූපවාහිනියට. අපිට හොඳ යුගයක් තිබුණ. ඒක අප අතින් ගිලිහිල ගියා. ඒ ගිලිහී යාමේ පංගු කාරයො අපි. මේකෙන් අපි කාටවත් ගැලවෙන්න බෑ. මම දන්නව මේ මාධ්‍ය වෙනුවෙන් අපි පරිත්‍යාග කරල තියෙනව. 1982 මේ රූපවාහිනී සංස්ථාව ආරම්භ කළාට පස්සෙ මාව 1990 සහ 1997 දෙවරක්ම මේ රැුකියාවෙන් පිටමං කරනව. මේ අවුරුදු පහළවකට දාහතකට කිට්ටු කාලයක් තුළ කලාකරුවෙක් හැටියට මට කිසිදෙයක් කරගන්න පුලූවන්කමක් තිබුණෙ නෑ. හේතුව අපේ ජීවිතය, අපේ කාලය, අපේ මොළය ඉතාම දරුණු විදිහට අවශෝෂනය කරගන්නව මේ රූප පෙට්ටිය. මේක යකෙක් මේ යක්‍ෂයට කන්න දීල පිරිමහන්න බෑ. මේ යක්‍ෂයව පෝෂණය කරන්න හු`ගාක් දේවල් කරන්න  ඕනෙ. ඒ සඳහා මිනිස්සු තමන්ගෙ දහඩිය මහන්සිය, තමන්ගෙ වටිනාකම්, සංස්කෘතිය යන මේ සියලූ දේ ම මේ පෙට්ටියට බිලිකරනව. මේක තමයි අපි වටහා ගන්න  ඕනෙ. ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ? මේක, මේ ටී.වී එකේ වරද නෙමෙයි. අපි මේක පරිහරණය කරන වරදයි. මගේ ජීවිතේ මම දකින ඉතාම ඛේදවාචකය තමයි අපි ඇයි මේ දේට මෙහෙම ගොදුරු වුනේ කියන එක? දැන් අපි දන්නව මේක මොකක්ද කියල. එදා අපිට මේක වැටහුනේ නෑ. අපි එදා පුරෝගාමීන් විදිහට මේක ඉතා ආදරයෙන් වැළඳගෙන,  අලූත් අත්දැකීමක් තුළින් අලූත් සංනිවේදන මාධ්‍යයකට දායක වීම පිළිබඳ උද්‍යෝගයකින් අපි වැඩ කළේ. අපි අද දකින්නෙ අපේ කැපකරීම් ඵල දරල නෑ කියලයි.
මේකට එක හේතුවක් තියනව. ලෝකෙ අද අපි පාවිච්චි කරන මාධ්‍යයන්  සඳහා ලබා දෙන සංඛ්‍යාන  ජනතා දේපලක්. ඒකත් අයිති ජනතාවට. අපේ ජනතාව ඒක දන්නෙ නෑ. ලෝකෙ අනෙක් රටවල මේක පරිහරණය කරන්න දෙන්නෙ ජනතා දේපොළක්, ජනතාවගේ අභිවෘද්ධිය සඳහා කියන තේමාව යටතේ. ලෝකෙ හැමරටකම මාධ්‍ය නියාමනයක් තියෙනව. විද්‍යුත් නියාමන අධිකාරියක් තියෙනව. (ඊරදාජ්ිඑසබට ්මඑයදරසඑහ* කියලත් කියනව. අවාසනාවට අපේ රටේ එහෙම නියාමනයක් නැහැ. මේක අද අයිතිවෙලා තියෙන්නෙ ටෙලිකොම් එකට. මේක දෙන්නෙ එක එක්කෙනාගේ සල්ලිවලට, දේශපාලන හිතවත්කම් හා ව්‍යාපාරික හිතවත්කම් මත. එක වතාවක් මුදලකට සම්පූර්ණ ජනතා දේපලක් පවරල දෙනව. ඒහෙම වෙන රටවල්වල කරන්නෙ නෑ. මේ  සංඛ්‍යාතයක් :ත්‍රුුමැබජහ* දෙනකොට අත්සන් කරනව ගිවිසුමකට. මේක පාවිච්චි කළ යුතු ක‍්‍රමය, මේක පාවිච්චි කරදදි අනුගමනය කළ යුතු සදාචාරත්මක ධර්ම, ඒ සදාචාර ධර්ම උල්ංගනය කෙරුවොත් ඒකට ලැබෙන විපාක. මේ  හැමදෙයක්ම උඩ තමයි මාධ්‍ය ජාලයකට සංඛ්‍යාත  දෙන්නෙ.
අපේ රටේ එහෙම නෑ. මේ නිසා අපේ රටේ ජනමාධය විශේෂයෙන් රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍යයන් වලට තමන් කැමති විදිහට, තමන්ට උවමනා  ඕනැම දෙයක් විකුණන්න පුළුවන්. ගුප්තවිද්‍යාව විකුණන්න පුලූවන්. ධර්මය විකුණන්න පුලූවන්. විකුණන්න බැරි කිසිදෙයක් නෑ. හැමදේම විකුණන්න පුලූවන්, මේ යක්‍ෂයව පෝෂණය කනේන. එයින් ජනතාවට මොකුත් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට ජනතාවට ලැබෙන්නෙ අඥාණභාවය.  අපේ සම්පත් ජනතා දේපල අපයෝජනයට ලක්වෙන රටක අපි ජීවත් වෙන්නෙ.
හොඳ මානවයෙක් ගොඩ නැගෙන්න නම් අපිට හොඳ සංස්කෘතියක් ගොඩනැගෙන්න  ඕනෙ. හොඳ සංස්කෘතියක් තියන රටක තමයි  ඕනැම කලා මාධ්‍යයක් සංස්කෘතියට අනුරූපව ගොඩනැගෙන්නෙ. අවාසනාවට අපේ සංස්කෘතිය පිළිබඳ ප‍්‍රශ්න තියෙනව. මොකක්ද, අපේ සංස්කෘතිය කියන එකත් ප‍්‍රශ්නයක්. කෙනෙක් කියනව ඒක ඈත අතීතයෙ තිබිච්ච පුරාවිද්‍යාත්මක දෙයක් හැටියට. නූතන ලෝකෙ විද්‍යාත්මක තත්ත්වයෙන් ගත්තහම සංස්කෘතිය කියන්නෙ සජීවි දෙයක්. එදිනෙදා ජීවනය, පැවැත්ම සඳහා තියෙන දෙයක්. අපි කන්නෙ කොහොමද? අපි අඳින්නෙ කොහොමද? අපි පළඳින්නෙ කොහොමද, අපි සමාජ ජීවිතයේ හැඩගැහෙන්නෙ කොහොමද කියන එක තමයි සංස්කෘතිය කියන්නෙ. අද අපේ ජීවිතය හැඩ ගැහෙන විදිහ තමයි අපේ සංස්කෘතිය. අද අපි කරන දේ තමයි අපේ සංස්කෘතිය. බොහෝ ජාතීන්ට තමන්ගෙ කියල කෑම පද්ධතියක් තියෙනව. තමන්ගෙ කියල ඇඳුමක් තියෙනව. තමන්ගෙ කියල ජීවන දර්ශනයක් තියෙනව.
පසුගිය දවසෙ භූතානයෙ අගමැති ලෝක ව්‍යාපාරිකයන් හමුවෙ කරපු දේශනයක් තමුන්නාසේලා ඇහුවද? භූතානය කියන්නෙ සියයට අනූගණනක් බෞද්ධයො ජීවත්වෙන රටක්. නමුත් ඔහු ඒ දේශනයෙදි කිව්වෙ අපේ රටේ බෞද්ධයො ජීවත් වුණාට මේක පූජකයින්ගේ රටක් නෙමෙයි කියල. මේක ලෞකික රටක්. මේ ලෞකික රට ධර්මය විසින් හසුරවල තියෙන ආකාරය සහ ඒ අනුව ජීවත්වීම තමයි අපේ ධර්මය.
අපේ රටේ දර්ශනය තියෙනව එක පැත්තක. ප‍්‍රායෝගික ජීවිතය ගත කරන්නෙ වෙන විදිහකට. මෙතන තමයි ගැටලූව. මාධ්‍යවලටත්, අපේ කලා ශිල්ප වලටත් තියෙන ගැටුම මෙන්න මේකයි. කියන්නෙ එකක්, කරන්නෙ එකක්. මේ උභතෝකෝටිකය තමයි අපිට තියෙන විසඳගන්න බැරි ප‍්‍රශ්නය. ඒ නිසා තමයි අවුරුදු තිස් ගණනක් අපේම මිනිස්සු එක්ක යුද්ධ කෙරුවෙ. මේ යුද්ධය බුද්ධාගම ආපු දා ඉඳලම තියෙනව. ඒක නැවතුනේ නෑ. ඒකට අපි කියනව පරසතුරු ආක‍්‍රමණය කියල. නමුත් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි, අපේ රටේ කලා නිර්මාණ වල අපි කොයිතරම් අපේ ජීවිතය ගැන කතා කරනවද? එහි යථාර්ථය පිළිබිඹු කරනවද? අපි ඉතිහාසය ගැන හරියට දන්නවද? ඉතිහාසය නොදැන, අපේ ජීවන දර්ශනයක් අපිට ගොඩනගන්න පුලූවන්ද? අද අපි විඳින මේ් දුර්විපාකවල මුල ඉතිහාසය පිළිබඳ මිත්‍යාව නොවේද? මේව කල්පනා කළ යුතු යුගයක්.
පහුගිය කාලෙ බොහෝ තරුණ ලේඛකයො කවි ලිව්ව. කවිය ගැන විශාල ප‍්‍රබෝධයක් තියෙනව. ලේඛන මාධ්‍යයෙ අද වඩාත්ම ප‍්‍රබල මාධ්‍යය කවියද කියල කෙනෙකුට හිතන්න පුලුවන්. පත්තරවල කවි පිටු තියෙනව. කවි පොත් බිහිවෙනව. නිරෝෂන් අද පිවිසිලා තියෙන්නෙ ඔහුගෙ වෘත්තියට අතිරේඛව කවියටයි. බොහෝ මිනිස්සු වෙන වෙන ව්‍යාපාරික කටයුතුවල යෙදෙද්දි නිරෝෂන් තමන්ගෙ වෘත්තියට අතිරේකව හොඳ මාධ්‍යයක් යොදාගෙන තියෙනව. ඔහු හොඳ දේ ගැන කතා කරනව කවි මගින්. මම දකින්නෙ අපේ කවීන්, අපේ කලාකරුවන්ගෙ ශ්‍රේෂ්ඨ අරමුණක් තියෙනව. කොහොමද යහපත් මිනිහෙක් ගොඩ නගන්නේ කියන එක. යහපත් මිනිහා කවුද? කියන එක ගැන හොයන්න. වාසෙට්ඨ සූත‍්‍රයෙදි බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනව, සත්තු අතර වෙනස් කම් තිබුණත් හැම මිනිහෙක්ම එකයි කියල. හැම මිනිහෙක්ම සමානයි කියල. ප‍්‍රායෝගික වශයෙන් අපේ රටේ මේක සිද්ධ වෙනවද? කලාකරුවො හැටියට අපිට තියෙන ප‍්‍රශ්නය ඒකයි.
මම කලාකරුවෙක් හැටියට මට ජාතියක් නැහැ. ඉපදෙන්න ඇති සිංහල කතා කරන පවුලක. නමුත් මම සිංහල කියල මාව හඳුනගන්නෙ නෑ. මම මනුස්සයෙක් හැටියට පමණයි මාව හඳුන්ව ගන්නෙ. ඒක අපේ තාත්තගෙන් මට උරුම වෙච්ච දෙයක්. අපි හැමෝම එක සමාන මිනිස්සු. නමුත් ලංකාවෙදි මේ මිනිහව එක එක විදිහට හැඩගන්නනව.  ජාතිය, ආගම, කුලය මේ හැමදේවල් වලින්ම සරසපු මිනිහෙක් තමයි ඉන්නෙ. මම බෞද්ධයෙක් නමුත් මම කිසිම විදිහකින් බෞද්ධාගම පමණක් නියෝජනය කරන මිහෙක් නෙමෙයි. ලෝකයේ සියලූම ශාස්තෘවරුන් යහපත තමයි දේශනා කරල තියෙන්නෙ. නමුත් ඒ හැම ආගම් ශාස්තෘවරයෙකුටම විරුද්ධව තමයි අද ඒ ආගම් සංස්ථා කටයුතු කරන්නෙ. මේක වෙනස් වුණා බටහිර ලෝකෙ දි.  අද අපිට වැඩිය හොඳ බෞද්ධයො ඉන්නව බටහිර රටවල්වල.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *