9 දා ආණ්ඩුව වට්ටන්න බැරි බව පෙරටුගාමීහු කියති

 

තමන් ඇතුළු දේශපාලන කණ්ඩායම් ගණනාවක් සම්බන්ධවෙමින් මෙම 9 වැනිදා කරන උද්ඝෝෂණයෙන් ආණ්ඩුව පෙරළා දැමීම හෝ ගෝටාභය ජනාධිපති ඉවත් කිරීම හෝ කළ නොහැකි වන බව ඔවුන්ගේ තක්සේරුව බව පෙන්නුම් කරන ප්‍රකාශයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රබල නායකයකු වන දුමින්ද නාගමුව මහතා අද සිදු කළේය.

ඒ මහතා කීවේ ජනාධිපති ගෝටාභය ඉවත්වන තෙක් තමන් අඛණ්ඩ සටනක් 9 වැනිදා සිට ආරම්භ කරන බවයි. අරගලය මෙහෙයවීම මේ වනවිට තමන් අතට ගෙන සිටින සර්ව පාක්ෂික අරගල කරුවන් නම් කණ්ඩායම සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පැවති හමුවෙන් පසු මාධ්‍ය අමතා නාගමුව මහතා මෙම අදහස ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික අරගලකරුවන් 9 දා අරගලය සංවිධානය කළේ එදිනට නියත වශයෙන් ගෝටාභය ජනාධිපති ගෙදර යවන බව කියමිනි. ඒ සඳහා සියලු පක්ෂවල සහ මහජන සංවිධානවල සහය ගොනු කිරීමට ද සංවිධායකයෝ කටයුතු කළහ.

කෙසේ වෙතත්, පෙරටුගාමී පක්ෂ නායකයකු වන දුමින්ද නාගමුව මහතා අද ප්‍රකාශ කළේ ගෝටා යවන අරගලය 9 දා ආරම්භ කරන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදය විසඳීමට ගත් ක්‍රියාමාර්ග අනුව ඉන්ධන, ගෑස්, පොහොර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ලැබීමට පෙර ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවත්, ඒ සඳහා සියලු බලය මේ සතියේ ගොනු කළ යුතු බවත්, යන උපායමාර්ගය යටතේ වමේ කණ්ඩායම් මෙම  9 දා උද්ඝෝෂණය සංවිධනය කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

දැන් ඔවුන්ගේ ම තක්සේරුව වී ඇත්තේ එම අරමුණ ඉටුකර ගැනීමට ප්‍රමාණවත් ජනතා සහයක් නොලැබෙන බවයි.

ඒ අනුව මෙය තම සටනේ ආරම්භය පමණක් බව කල්තියා ම කියන්නට ඔවුහු දැන් පෙළඹී සිටින බව පෙනෙන්නට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *