විදේශ මුදල් හංගන කැසිනෝ ටෝකන් ක්‍රමය වහා ම අහෝසි කරයි

 

විදේශීය මුදල් මෙරටට නොඑවා කැසිනෝ ශාලාවලට පිවිසී ක්‍රීඩා කිරීමට ඉඩ දී තිබුණු කැසිනෝ ටෝකන් ක්‍රමය වහා ම ක්‍රියාත්මක වන ලෙස අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.

ඒ අනුව සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ  නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන  ක්‍රමය අහෝසි කෙරෙයි

ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුළ දී  අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේ දී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී  කැසිනෝ හල් වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.

මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර් ,යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

ඇතැම්  විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතාම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව මුදල් අමාත්‍යංශය සතු වාර්තා පෙන්වා දෙයි. නමුත් එමගින් මෙරටට ලැබිය යුතු මුදල් නොලැබෙන බව කියති.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *