ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික ව්‍යාපෘතියයි – පොහොට්ටු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

 

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (7)පැවසීය.

කාබනික පොහොර ව්‍යාපෘතිය දාර ලණුවක් බව දැන එය ක්‍රියාත්මක කරන්නට එපා යැයි තමා මුලදීම පැවසූ බව කී මන්ත්‍රීවරයා නායකයන් එම කතා කණකට ගත්තේ නැතැයි ද කීය.එම තීරණය නිසා රටේ කෘෂිකර්මාන්තය විනාශයෙන් විනාශයට පත්වූ බවද මන්ත්‍රීවරයා කීය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *