වීරවංස-රනිල් ඩීල් පාරිල්මේන්තුවේදී හෙළිවුනා – ඇමති ඩිලාන් පෙරේරා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින රහස් ගනුදෙනුව  පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී  මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ශ්‍රීලනිප මූලස්තානයේ  පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

විමල් වීරංවසගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් “ඕන වෙනකොට මම අගමැති දැන් දෙල් කඳ පොලෙත් නැහැ” යැයි කියා රනිල් වික්‍රම සිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසූවෙ පසුගියදා විමල් වීරවංස මහතා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විදේශගතවීමට ගොස් අත්අඩංගුවට පත් වූ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට අමතා තමාව බේරා දෙන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව මතක් කිරීමක් වන්නට ඇති බව ඩිලාන් පෙරේරා මහාතා පැවසීය.

මෙහිදී ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පවසන්නේ ආගමන විගමන නීති උල්ලඟණය කිරීම නිසා වෙනත් පුද්ගලයන් දඬුවම් ලබද්දී එම නීතිමය උල්ලංගණය කළ විමල් වීරවංස නිදැල්ලේ ඉන්නේ ඔහු රජයේ ප්‍රබලයකු සමඟ ඩීල් දමා තිබීම නිසා විය හැකි බවය.

lankatruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *