උපයෝගිතා කොමිසමේ සභාපති තෙල් අඩුවට දෙන්න ගිහින් පීචන් වෙයි

 

ඉන්ධන ලීටරය රුපියල් 250 ට ලබාදිය හැකි යයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුව ඉදිරියේ අද ප්‍රකාශ කරද්දී තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බව උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයෝ ප්‍රකාශ කළහ.

මෙරටට ඉන්ධන මිල දී ගන්නා මිල ගණන අනුව ඩීසල් සහ පෙට්‍රල් රුපියල් 400 යට ඉහළ මිලකට අලෙවි කිරීමට කිසිදු හේතුවක් නැති බවත්, ඇමැතිවරයා භාවිතා කරන මිල සුත්‍රයට කිසිදු පදනමක් නැති බවත් ජනක රත්නායක මහතා කෝප් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළේය.

ඒ ගැන කුමක් කියන්නේ දැයි භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගෙන් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් විමසු විට එවැනි කරුණක් ගැන තමන් නොදන්නා බව ප්‍රකාශ කළේය.

ජනක රත්නායක මහතගේ අදහස මහජන උපයෝගිතා කොමිසමේ අදහසක් දැයි විමසු විට කොමිසමේ නියෝජ්‍ය සභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ තිදෙනා ම ප්‍රකාශ කළේ එවැන්නක් කොමිසමේ සාකච්ඡා නොකළ බව සහ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවයි.

කෝප් කමිටුව ඒ පිලිබඳ විමසුම එතනින් අවසන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *