මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

බැංකු පොලී අනුපාත ඉහළ දැමීමට කයයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත  සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඒ අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය  ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින්, පිළිවෙලින් සියයට 14.50 දක්වා සහ සියයට 15.50 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

දැනට පවතින උද්ධමන තත්ත්වය වසර අග වන විට තවත් ඉහළ යනු ඇතැයි ද එය ආදී උද්ධමන තත්ත්වයක් දක්වා වර්ධනය වීම පාලනය කිරීමට මෙලෙස පොලී අනුපාත වැඩි කිරීම අවශ්‍ය බවත්, මහ බැංකුව ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *