‘‘කතාවෙන් කිව්වට කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි‘‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන


 

ආර්ථික අර්බුදයට ක්ෂණික විසදුම් දිය හැකි අයකුට අගමැති ධූරය බාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවත් ඒ කිසිවකු ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මෙි අර්බුදයට ක්ෂණික විසදුම් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (06) ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බාර ගන්නා විටත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම පැය 10 ක් 12 ක් විදුලි කප්පාදුවක් තිබුණු බව බොහෝ දෙනකුට අමතක වී ඇති බව කී නියෝජ්‍ය නායකයා එහෙත් බොහෝ දෙනකු අද කතා කරන්නේ අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු සියළු අර්බුදය මතුවූවා සේ යැයි ද පැවසීය.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී තරුණ සංගම් කිහිපයක් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *