ධම්මික පෙරේරා ඇමැති වෙන්න කලින් කැබිනට පත්‍රිකා දාලා ?

ඇමැති තනතුරේ දින හතකට පෙර දිව්රුම් දුන් ධම්මික පෙරේරා මහතා මාසයකට පෙර ලබාගත් කැබිනට අනුමැතියක් මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කොට නැති බව ඒ මහතා අද චෝදනා කළේය.

ඒ මහතා අද චෝදනා කළේ ශ්‍රී ලංකාවේ නේවාසික වීසා විකිණීම සඳහා යෝජනාවක් මාසයකට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කළ බව සහ එය භාණ්ඩාගාරය විසින් තවමක් ක්‍රියාත්මක කොට නැති බවයි.

මෙම වීසා එකක් ඩොලර් ලක්ෂය බැගින් මිල දී ගැනීමට 300 ක් දෙනා ඉදිරිපත් වී ඇති බවත්, එමගින් මෙරටට ඩොලර් මිලියන 30 ක් උපයාගත හැකි බවත්, ධම්මික පෙරේරා මහතා කියයි. ඩොලර් ලක්ෂයක් දෙන ඔනෑම තැනැත්තකුට මෙලෙස වීසා ලබාගත හැකි වෙයි.

රටට මුදල් ලැබෙන මෙබඳු යෝජනා ක්‍රියාත්මක කිරීම මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමාද කරන බවත්, එබැවින් ඔහු මුදල් ඇමති තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත්, ධම්මික පෙරේරා මහතා කියයි.

කෙසේ වෙතත්, ධම්මික පෙරේරා මහතා ඇමැති තනතුරේ දිව්රුම් දී ගත වී ඇත්තේ දින හතක් පමණක් වන අතර සහභාගී වී ඇත්තේ එක් කැබිනට් රැස්වීමකට පමණකි.

කෙසේ වෙතත්, ඒ මහතා චෝදනා කරන්නේ ඔහු මාසයකට පෙර ගත් කැබිනට අනුමැතියක් මුදල් ඇමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කොට නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *