සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයේ සාකච්ඡා

වත්මන් තත්ත්වය යටතේ ආර්ථිකය ගොඩ ගැනීම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී පවත්වා ඇත.

ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලු පක්ෂ මෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද එයට සහභාගී වී සිටියහ.

සර්ව පාක්ෂික ආණ්ඩුවකින් ක්‍රියාත්මක කළ යුතු පොදු වැඩ පිළිවෙළක් සැකසීමට එහි දී එකඟත්වයක් ඇතිකරගත් බව වාර්තා වෙයි.

ඒ සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නායකත්වයෙන් සර්ව පාක්ෂික කමිටුවක් ද පත් කරගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *