පාර්ලිමේන්තුවේ දැඩි විරෝධය මැද ජනාධිපති ඉවත්ව යයි

 

අද පාර්ලිමේන්තු රැස්වීමට පැමිණි ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට ලක්වීමට සිදුවීම නිසා සුළු මොහොතකින් ඒ මහතා පර්ලිමෙන්තුවන් ඉවත්ව ගියේ ය.

විරෝධතා නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් දැමීමට ද සිදුවීය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණෙන විට රටේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට කරුණු දක්වමින් සිටියේ ය. අනුර කුමාර දිසානායක මහතාට මාස හයකින් රට ගොඩ දැමිය හැකි නම් තම ඉවත් වී ඔහුට ඉඩ දීමට සුදානම් බව අගමැති රනිල් කියා සිටීමෙන් පසු අවස්ථාවක ජනාධිපතිට එරෙහි විරෝධතාවය ක්‍රියාත්මක වී ය. ගෝටා ගෝ හෝම් කියා විපක්ෂ මන්ත්‍රීවරු උද්ඝෝෂණය කළහ.

” මම ගෙදර යන්නම් කියද්දී ගෝටා ගෝ හෝම් කියනවා. මේක හරි ප්‍රශ්නයක් ” යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියනු අසන්නට ලැබිණි.

‘මේ වැඩේ භාරගැනීමෙන් අමාරුවේ වැටෙන්නෙත්, බැනුම් අහන්න සිද්ධ වෙන්නෙත් මටයි’ යනුවෙන් ද අගමැති වික්‍රමසිංහ මහතා පසුව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *