බැසිල්ට වෛද්‍ය වාර්තාව ලබාගැනීමට වියදම් කර ඇති මුදල ලක්ෂ 50 යි – මහාචාර්ව සරත් විජේසූරිය

අපි මේ රටේ රාජ්‍ය පාලනයේ වෙසක් ඇතිකර ගැනීම සඳහා විශාල කැපවීමක් කළේ ය. සෝභිත හාමුදුරුවෝ ඒ වෙනුවෙන් අභිතව හඬ නැගී ය. එහි ප්‍රතිඵලය මොකද් ද? අද උන්වහන්සේ ජීවතුන් අතර සිටියේ නම් ඒ පිළිබඳ උන්වහන්සේ ගේ අභිත හඬ අසන්නට ලැබෙන බවට සැකයක් නැත. අපි බලාපොරොත්තු වූ යහපාලනය ප්‍රතිෂ්ඨාපනය නොවන්නේ ඇයි ද යන්න අපි තේරුම් ගතයුතු ය. රටක දේශපාලන ප්‍රතිසංස්කරණ කියන ඒවා අපි බලාපොරොත්තු වන තරම් වේගයෙන් මුදුන්පත්වෙයි කියා සිතන එක අපේ වරදක් නොව අපි දිර්ග කාලයක් පීඩාවට ලක් වී සිටි නිසා අපේ නො ඉවසිමකි. මම විශ්වාස කරන්නේ දේශපාලනඥයින්ගෙන් පමණක් ශිලාචාර දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවන එන වැරදි ය. ඒ පිළිබඳ මූලික වගකිම මේ රටේ පුරවැසියන් දැරිය යුතු ය. අද ඒ වගකීම, ඒ යුතුකම ඉටුවෙනවා ද කියන එක බරපතල ප්‍රශ්නයකි.
නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය අපිට උරුම වී වසර 70 කට ත්, වැඩි ය. මොන තරම් සාරවත් චරිත විවිධ මට්ටම් වලින් මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මහජන මුදලින් විකසිතවි තිබෙනවා ද? මේ රට වෙනුවෙන් ඉතා උදාර සේවාවක් කළ විවිධ වෘත්තිකයින්, වෛද්‍යවරු, නීති ක්ෂේත්‍රයේ නිළධාරි හූ සිටිති. ඒ සියලු දෙනාට නිසි බුහුමන දක්වමින් මම ඉතා සංවේගයෙන් ප්‍රකාශ කරන්නේ, අද වෙන විට දැන උගත් සමාජය තුළ තමයි පාදඩ කරණය වැඩියෙන්ම ලක්වී ඇති බව දක්නට ලැබෙන්නේ. මම පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ ලෙඩවෙන ආකාරය ගැන ලියූ දේ රාවය පුවත්පතේ මගේ ලිපි කියවන පාඨකයින් දන්නවා ඇත. ඒ ලියනවිට ඔහු අත්අඩංගුවට ගන්නවාය කියන එක මා දැනගෙන සිටියේ නැත. ඒ කිව්වා වගේ ඔහු මාරාන්තික රෝගියෙකු බවට පත් වී තිබේ. ඔහු මාරාන්තික රෝගියෙකු බවට පත්වූයේ කෙසේ ද? ඔහුව මාරාන්තික රෝගියෙකු කළේ කවු ද ? මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අධ්‍යාපනයක් ලැබූ වෛධ්‍යවරු තමයි ඔහුව මාරාන්තික රෝගියෙකු බවට පත්කර තිබෙන්නේ.
මේ රටේ සිවිල් නිළධාරින්, නීති ක්ෂේත්‍රයේ නිළධාරින් තමයි ඒවාට උඩ ගොඩි දෙන්නේ. අපිට දේශපාලනඥයින්ගෙන් පමණක් යහපාලනයක් බලාපොරොත්තු වෙනනට පුළුවන් ද ? වෛද්‍යවරු මේ ආකාරයේ සාපරාධි වෛද්‍ය වාර්තා දෙන්නේ ඇයි?. ඇයි රටේ සිවිල් නිළධාරීන් තක්කඩිකම් වලට නීතියේ රෑකවරණ ලබා දෙන්නේ. මේ සියලු දේවල් කරන්නේ නූගත් අහිංසක මිනිසුන් නොවේ. නිදහස් අධ්‍යපන වරප්‍රසාද හිමිකරගෙන සිටින මිනිස්සු ය. මේක තමයි යහපාලනයේ ඛේදවාචක ය. ඒ නිසා පුරවැසියෝ හැටියට අපි ගැඹුරු සංවාදයක් ගොඩනගන්නට අවශ්‍ය ය. මේ රටේ පුරවැසියෝ හැටියට අපි බලපෑම් කරන්නට අවශ්‍යයි සිවිල් බලයක් තිබෙන සෑම පුද්ගලයෙකුම තමන්ගේ හෘද සාක්ෂියට එකගව තමන් කරන දේවල් කරන්නට. නැතිනම් තමන්ගේ දරුවෙකුට වූවත් වගතුවක් වෙන්නේ නැත. පාපයට බියෙන් වැඩකරන්න කියන සංඥාව නිකුත් කරන්නට අවශ්‍ය ය. ඔබ කවුරුත් දන්නවා පසුගිය රාජපක්ෂගේ පාලන කාලයේ මේ රටේ සිවිල් නිළධාරින් වැඩ කළේ කෙසේ ද යන්න. ඉතාම දූෂිත හා නිවටයින් ආකාරයට පිරිසක් වැඩ කළ හ. තවත් පිරිසක් වැල යන අතට මැස්ස ගහමින් වැඩ කළේ ය. තවත් පිරිසක් කළදුටු තැන වළ ඉහගන් කියන ප්‍රතිපත්තියේ සිට මඩි තරකර ගත්තේ ය. අභාග්‍ය කියන්නේ, ජනවාරි 08 වෙනිදා වෙනසේ දී ත්‍රස්තවෙලා සිටි මේ අය නැවතත් බලසම්පන්න වී ඇත. සිවිල් නිළධාරින් ඒ ක්‍රමය පරාජයට පත්කරනු ඇතැයි අප බලාපොරොත්තු වූ නමුත් ඒ අය අන්ත දූෂිත ඒ පැවති ක්‍රමය සාධාරණය කරති. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි දඩැල්ලගේ ප්‍රසිද්ධ මාධ්‍යවලට කියනවා සිල් රෙදි බෙදීම වරදක් නොවන බව. ඒක වරදක් නම් ජනසවිය බෙදීමත් වරදක් වගේම සමුර්ධි බෙදීමත් වරදක් බව. මේ කථා කරන්නේ පියවි සිහියෙන් ද? මේ රටේ අධ්‍යපන වරප්‍රසාදයෙන් පිබිදුණු, මහජන මුදල් වලින් නඩත්තු වන පුද්ගලයින් රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ කථාකරන්නේ අවසිහියෙන් ද කියා සිතේ. ඇයි ඔහු ඒ ආකාරයට කථා කරන්නේ. එපමනක් නොවේ. ඔහුගේ අශීලාචාර තර්ජනයට විරුද්ධව සිවිල් සමාජය හඬනගන විට පාලකයින්ට සිදුවෙනවා ඔහුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශනයේ තව දුරටත් තියන්නට හොඳ නෑ කියන තීරණය ගන්නට. වෙනත් අමාත්‍යාංශයකට මාරු කළවිට ඔහු තර්ජනය කරනවා මම එතනට යන්නට සූදුනම් නෑ යනුවෙන්. එය මගේ විෂය පථය නොවන බව ද ඔහු චන්ඩියෙක් වගේ තමන්ගේ හඬ අවධි කරනවා. පරිපාලනය පිළිබඳ පුහුණුවක් ලැබූ නිළධාරියෙකුට මේක මගේ විෂය නොවෙයි කියන්නේ කෙසේ ද?
මම සිංහළ අංශයක ගුරුවරයෙකි. මාව භූගෝල විද්‍යාව අංශයට මාරු කළහොත් නම් මට කියන්න පුළුවන් ඒක මගේ අංශය නොවන බව. රාජ්‍ය ලේකම්වරයෙකුට පුළුවන් ද එහෙම ප්‍රකාශයක් කරන්නට. ඒ තරම් සහාසික තත්ත්වයකට නිළධාරින් පත්වී සිටින්නේ ඇයි? ඔහු කියනවා රාජපක්ෂ යුගයේ වැරදි කළ නිළධාරින් සියලු දෙනාම ඔහු ආරක්ෂා කරන බව. අපි අහන්නේ ඔහුද මේ රටේ පාලකයා. මේ ආකාරයේ තක්කඩි සමග අපි බලාපොරෙ පොරොත්තු වූ යහපාලනයක් ඉක්මනින් ස්ථාපනය වෙන්නේ නැත. මේ තක්කඩින්ව අනාවරණය කර ඔවුන්ව නෙරපා හරින්ට හඬ නගන එක තමයි අපේ එක වෑයමක් වෙලා තිබෙන්නේ. අභාග්‍ය කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා ඔහුට සිවිල් නිළධාරින් පුහුණු කරන ආයතනය භාර දෙන ලෙස. සීලීඩා කියන ආයතනයේ ප්‍රධානියා බවට පත්කරන්නට. එතකොට ඔහු ඉතාමත් අපූරුවට අළුත් නිළධාරින් පුහුණුකර එවයි ද? යහපාලනයක් ඒ අකාරයට ප්‍රතිෂ්ඨාපිත වෙයි ද? ඔහු කියනවා ඒ තනතුරක් මම භාර ගන්නේ නෑ, ජනාධිපති ලේකම් තනතුරට සමාන තනතුරක් පමණයි මම භාර ගන්නවා නම් භාරගෙන්නේ යනුවෙන්.
මෙහෙම කථා කරන්නට පුළුවන්කම ලැබී තිබෙන්නේ මේ මිනිසාට මොන වරමක් ලැබිලා ද? මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් තේරුම් ගන්නට නොදන්න මේ වගේ අශිලාචාර මිනිස්සු නම් නිදහස් අධ්‍යාපන යේ වරප්‍රසාද වලින් පිබිදී මෙ රටේ වැදගත් වෘත්තිකයෝ බවට පත් වෙලා තිබීම මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද මේක. අපි බලාපොරොත්තු වූ යහපාලනය ඈතක තියෙන්නේ මෙන්න මේ වගේ පුද්ගලයින් නිසා ය. දීර්ග කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ අනසකට යටත්ව, මෙල්ල කරගෙන සිටි අධිකරණ පද්ධතිය තවමත් ඒ ආකාරයෙන්ම පවතී. ඒ තැන්වල රාජපක්ෂවරුන්ට තමන්ගේ බලය පතුරුවන්නට තියන හැකියාව තවමත් තිබේ. රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂට තවමත් ත්‍රිවිධ හමුදාවට, පොලීසියට බලපෑම් කිරීමේ හැකියාව තිබේ. දිර්ග කාලයක් මේ අය මේ ආයතන තමන්ගේ ආයතන බවට පත්කරගෙන සිටිය හ. ලසන්ත වික්‍රම තුංග ඝාතනයට අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයා එසේ නොගෙන හමුදාවේ උසස් නිළධාරියෙක් ඒ පිළිබඳ පරික්ෂණ සම්පූර්ණයෙන්ම යටගසා තිබුනේ ය. ඒ පරීක්ෂණ එළියට අරගෙන ඉතාමත් අසීරුවෙන් පරික්ෂණ කටයුතුකර ප්‍රධාන චුදිතයාව සොයාගෙන අත්අඩංගුවට අරගෙන තිබේ. ඒවා සුළුකොට තැකිය හැකි දේවල් නොවේ. අනිත් පැත්තෙන් තාජුඩීන්ගේ ඝාතකයින්ට, ප්‍රගීත් එක්නැළිගොඩගේ ඝාතකයින්ට ත්‍රිවිධ හමුදාවේ මොකක් හරි හමුදාවක උසස් නිළධාරින් සම්බන්ධ ය. අපි ජීවත් වි තිබෙන්නේ මොනතරම් අශිලාචාර පාලනයක් යටතේ ද යන්න කල්පනාවට ගතයුතු ය. රටක ත්‍රිවිධ හමුදාවේ මිනිස්සු පාලකයින්ට අවශ්‍ය ආකාරයට සාපරාධි ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකර, නීතිය ක්‍රියාත්මකරන ආයතන ගොළුකර තිබුණා නම් ඒක මොන තරම් භයානක තත්ත්වයක් ද? ඒ නිසා මේ රට පාලනය කිරීමට රාජපක්ෂවරු සුදුසු පිරිසක් නොවේ.
ඒ වගේම අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ ආණ්ඩුවේ නිද්‍රාශීලි බව. විවිධ ගැටලු යන සියල්ල මධ්‍යයේ යහපාලනය සඳහා යන්නට ගමනක් තිබෙන බව. නීතියේ ආධිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වෑයමක් තිබෙන බව. පුරවැසියන්ට මේ පාලකයෝ ඇහුම්කන් දෙන බව පෙනෙන්නට තිබේ. මේක ශක්තිමත් කරගතයුතුව ඇත. ගෙවල්වල සිට ඒක ශක්තිමත් කරගැනීමට නොහැක. ඡන්දයකදි ඡන්දය පාවිච්චිකර විතරක් එක කරගන්නට නොහැක. අද මරබිය නැතිව හඬක් නගන්නට අපිට හැකියාවක් තිබේ. ඒ නිසා මේ රට ගැන, මේ රටේ ඉපදි සිටින දරුවෝ ගැන, ඉපදෙන්නට සිටින දරුවෝ ගැන හැගිමක් තිබෙන සෑම අයෙකුම කල්පනා කරන්නට ඕනේ තමන්ගේ හෘදය සාක්ෂියට එකගව ශිලාචාර රාජ්‍ය පාලනයක් සඳහා තමන්ට කළහැකි දේ උපරිමයෙන් කරන්නට. මිනී මර න්නේ නැති ත්‍රිවිධ හමුදාවක් අපි ගොඩනගා ගන්නට අවශ්‍ය ය. රාජ්‍ය මුදල් අවභාවිතය නොකරන සිවිල් නිළධාරින්ව අපි ඉල්ලා සිටින්නට අවශ්‍ය ය. නීතිය, යුක්තිය. සාධාරණත්වය කාටත් එක හා සමාන ලෙස පසිඳලන අධිකරණ පද්ධතියක් අපි ඉල්ලා සිටින්නට අවශ්‍ය ය. අපි ක්ෂණික දේවලින් කළකිරී පැත්තකට වන්නට හොඳ නැත.
අපි දන්නවා රාජපක්ෂ පාලනය තුළ ණය උගුලක හිරවෙලා තිබුනු රටක් මේක. මේ රට පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් ගොඩනගනවා කියන එක පහසු කටයුත්තක් නොවේ. අනික් පැත්තෙන් ජාතිවාදය, වර්ගවාය, ආගම්වාදය අවුස්සන බලවේග දැවැන්ත ලෙස ක්‍රියාත්මක වේ. එහෙම සන්දර්භයක් තුළ ක්ෂිණ බලාපොරොත්තු බිඳවැටෙන පුද්ගලයින් වෙනත් මාවත් වලට අවතීරණය කිරීම පහසු ය. මේක පරාජය කිරීමත් පුරවැසියෝ හැටියට අපේ වගකීමක් බව තේරුම්ගත යුතු ය. ලෝකයේ ඇතැම් පාලකයෝ බලය අහිමි වූවාට පසු බොහොම නිහතමානීව බලය අත්හැරිය හ. ඇයි මහින්ද රාජපක්ෂ එහෙම නොකරන්නේ. ඇත්ත වශයෙන්ම අපි අවංකව කල්පනා කළහොත් ඔහුට එහෙම කරන්නට පුළවන් ද? ඔහුට එහෙම කරන්නට කොහැක. අපි දන්න මෑත ඉතිහාසය තුළ ප්‍රජාතන්ත්‍රවාදි වරමකින් බලයට පැමින, තමන්ගේ සහෝදරයින්, තමන්ගේ දරුවන්, තමන්ගේ භාර්යාව. තමන්ගේ නෑදෑයින්, යන මුලු සනුහරයම රාජ්‍ය පාලනය කළ වෙනත් රටක් තියෙනවා ද? එහෙම පාලකයෙක් තවත් සිටින්නේ ද? ඒ එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ය. ඒ නිසා මහින්ද රාජපක්ෂට බලය අතහරින්නට නොහැක. ඔහුට විශ්‍රාම ගොස් තංගල්ලේ ඔහුගේ නිවසේ විශාම සුවයෙන් සිටින්නට නොහැක. ඒ නිසා මම හිතන්නේ ඔහුට අද එක පැයක්වත් එක දිගට නින්ද යන්නේ නැතිව ඇති. ඔහු හොඳටම දන්නවා ඔහුගේ බිරිඳ මොනතරම් රාජ්‍ය ධනයක් අවභාවිත කරතිබෙනවා ද? ඔහු මේවන විට හොඳටම දන්නවා, ඔහු බලයේ සිටි කාලයෙත් ඔහු දන්නවා ඔහුගේ බිරිඳ සාපරාධි මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ බව. ඔහුගේ දරුවන් කර තිබෙන පාදඩ වැඩ ඔහු ඉතාම හොඳට දනී. මේ සියලු දේ අතැඹුලක් සේ දන්නා මනුෂ්‍යයෙක් කොහොමද බලය අතහරින්නේ. ඔහු අද කරන්නේ මරාගෙන මැරෙන සටනක්. ඔහු වියරුවෙන් මේ සියල්ල කරන්නේ. අභාග්‍ය ඔහුගේ මරාගෙන මැරෙන සටනට ඔහු දඩමිමා කරගෙන ඉන්නේ, බුධාගම ය. ඔහු පෙරටු කරගෙන තිබෙන්නේ මහා සංඝ රත්නයයි. මේක විශාල ඛේදවාචකයකි. මේ රටේ වැඩි ජනතාවක් බෞද්ධයෝ නම්, ධර්මයෙන් යම්කිසි හෝ ශික්ෂණයක් තමන්ගේ ජීවිතවලට ලබාගත් බෞද්ධයෝ නම් අපි සංඝයා වහන්සේලාට දෙපා නැමැද පැහැදිළි කරදෙන්නට අවශ්‍යයි මේ රට ශිලාචාර රටක් බවට පත්කරගන්නට යන ගමනට අකුල් හෙලන්නට එපා යන්න.
මහින්ද රාජපක්ෂ කරන මේ තිරශ්චීන ක්‍රියාව නිසා වර්තමාන ආණ්ඩුව ලොකු අභියෝගයකට මුහුණ දී තිබේ. අද පවතින ආණ්ඩුව මොන වගේ ආණ්ඩුවක් ද? මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ සිටි දූෂිතයින් සැලකිය යුතු සංඛ්‍යාවකි. අශිලාචාර දේශපාලන සංස්කෘතියක් තුළ දේශපාලන කළ පුද්ගලයෝ තමයි මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ බවට පත් වි සිටින්නේ. මෙබඳ පුද්ගලයෝ හැම කෙනෙකුටම මිලක් නියම කිරීමේ හැකියාව මහින්ද රාජපක්ෂට තිබේ. ඔහුට තිබෙන ධනය සැබවින්ම රජයටත් නැති බව සත්‍යයකි. ආරංචි හැටියට බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට නොගෙන ඉන්නට උසාවියෙන් ඇප ගන්නට ඔහු වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 60කි. මේ අවස්ථාවේ ඔහුට වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට වියදම් කළ මුදල ලක්ෂ 50කි. මේ තරම් ධනයක් වියදම් කරන්නට මරු විකලෙනි. මෙසේ කරන්නේ සියලු දෙනාම විශ්මයට පත්වි සිටින නිසාවෙනි. භිතියට පත්වි සිටින නිසා ය. මෙබඳු වාතාවරණයක් තුළ මහා අවිනීත බලඅරගලයක් තිබේ.ඒ නිසා මේ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳවත් අපිට එක්තරා ආකාරයක වගකීමක් ඇත. මේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කරන කියන කටයුතු 100%ක් අපිට අනුමත කරන්නට බැරිවුනාට ඔවුන්ට විරුද්ධව පාරට බැහැලා මහා ජනබලයක් සමග බල අරගලයක නිමග්න වෙලා සිටින රාජපක්ෂ වරුන්ට නැවත දොර විවර කරන්නට අපිට හැකියාවනක් නැත. තුළනාත්මකව අපි මේ සියල්ල කල්පනා කරන්නට අවශ්‍ය ය. මේ රටේ සැබැ සියලු පුරවැසියෝ යම් දැනුවත්කමක් ඇති මිනිසුන් ය. මනුෂ්‍යයින් හැටියට මේ රටේ අනාගතය ගැන ක්ලපනා කළයුතු ය. මේ රටේ ශිලාචාර පාලනයක් ගැන අපි කල්පනා කරන්නට අවශ්‍ය ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *