අයි එම් එෆ් සාකච්ඡා ගැන අගමැතිගෙන් හෙට ප්‍රකාෂයක්

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මෙතෙක් කළ සාකච්ඡා පිලිබඳ වාර්තාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මුල්‍ය අරමුදලේ වැඩ සටහනක් මෙරට ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලීමට එම සංවිධානයේ නියෝජිත පිරිසක් පසුගිය දිනවල මෙරට සංචාරය කළේය.

ඒ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා තෝරාගත් තාක්ෂණික සහ නීති උපදේශක සමාගම් ද මෙරටට පැමිණ සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *