එයාර් ලංකා කළමනාකරණයටත් චීන – ඇමරිකානු සමාගමක් !

පාඩු ලබමින් පවතින එයාර් ලංකා හා මිහින් එයාර් කළමනාකරණය බර ගැනීමට චීනයේ විශාලතම පෞද්ගලික ගුවන් සමාගමක් වන හයිනාන් එයාර්ලයින්ස් සමාගම කැමැත්ත පලකොට ඇති බව මදය වාර්තා කියයි . ඇමෙරිකානු කෝටිපති ව්‍යාපාරික ජෝජ් සොරෝස්ගේ ඇමරිකන් එවියේසන් සමාගමට වැඩි කොටස් හිමිකමක් ඇති මෙය ගුවන් යන සන්ක්යව අනුව චීනයේ හතරවන ප්‍රධාන ගුවන් සමාගම බව කියති . චීනය තුල හා පිටත ගුවන් සේවා 500ක් පමණ මෙම සමාගම මගින් පවත්වාගෙන යයි .

එයාර් ලංකා හා මිහින් එයාර් සමාගම්වල කළමනාකරණය භාරගෙන ලබා ලබන තත්ත්වයට පත් කිරීමට මේ වනවිට යෝජනා කැදවා ඇත . යෝජනා භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 24දාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *