රුසියාවෙන් තෙල් ගත හැක්කේ බිඳුණු හොඳහිත හදාගත් පසුවයි – තෙල් ගන්න රුසියාවට යැවූ ඇමැති සුසිල් කියයි

රුසියාවෙන් තෙල් ගන්න නම් එරට සමග බිඳුණු හොඳහිත යළි ගොඩ නගා ගත යුතු බව, රුසියාවෙන් ලාබෙට තෙල් වහාම ලබා ගැනීමේ හැකියාව සොයා බැලීමට පසුගියදා එරට සංචාරය කළ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එයරෝෆ්ලොට් ගුවන්යානා සිදුවීම හා වෙනත් හේතු නිසා රුසියාවේ හොඳ හිත පලුදු වී ඇති බව ඒ මහතා කියයි.

මීට පෙර අවස්ථාවක රුසියාවෙන් ඇස්බැස්ටෝස් මිල දී ගැනීම තහනම් කිරීමත් සමග මෙරට තේ වල කුරුමිනියෙක් හමු වී රුසියාව තේ මිල දී ගැනීම නතර කිරීමේ සිදුවීම ද ඒ මහතා මතක් කළේය.

රුසියානු මිත්‍ර සංගමයේ සභාපතිවරයා ද ලෙස එම හොඳ හිත යලි ගොඩනගා ගැනීමට තමන් කටයුතු කරමින් සිටින බවත්, ඉන් පසුව බලශක්ති ඇමති ඇතුළු කණ්ඩායමක් එරට සංචාරය කොට තෙල් මිල දී ගැනීමේ සාකච්ඡා කරගත හැකිවනු ඇති බවත්, එතෙක් එරටින් තෙල් ලබාගත නොහැකි වනු ඇති බවත්, ප්‍රේමජයන්ත ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *