පරාජිත මහින්ද රාජපක්‍ෂ රෙජීමයෙ පිරිසක් මේ පාළනයට ඇතුළත් වෙලා පරණ දේවල්ම කරන්න හදනව – රාජා උස්වැටකෙයියාව.

ජානාධිපතිතුමා බලයට පත් වී වසර එකහමාරක් පමණ වෙනව, වත්මන් ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්න ආසන්නයි. යහ පාළන ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කෙරුව කියල සතුටටපත් වෙන්න පුළුවන්ද?
යහපාළන ජනාධිපතිවරයෙක් හා යහපාළන ආණ්ඩුවක් බලයට ගෙන ඒමේදී ජනතාව බලාපොරොත්තු වූ සියලූම කරුණු ඉටු වුනා කියල කියන්න බැරි වුනත්, බොහෝ දුරට ජනතා බලාපොරොත්තු ඉටු කෙරුව කියල කියන්න පුළුවන්.
මාධ්‍ය නිදයස ලැබිල තියෙනව. පසුගිය කාලයේ සිදු වූ වංචා ¥ෂණ විමර්ශනය කෙරෙමින් පවතිනව. අධිකරණයට වුවත් ස්වාධීනත්වයක් ලැබිල තියෙනව. ඒ නිසාම තමයි වැට් බද්ද ගැන වුවත් අධිකරණයට නිදහස්ව තීන්දුවක් දෙන්න හැකි වුණෙ. අධිකරණය වුවත් තරාතිරම් නොබලා චූදිත පුද්ගලයන්ට විරුද්ධව ක‍්‍රියා කරන බවක් පැහැදිලිව තියෙනව. ඒක ඉතාම හොඳ තත්ත්වයක්.
ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මූලික කටයුතු කෙරීගෙන යනව. ජනතා අදහස් උදහස්වලට ඇහුන්කම් දෙමිනුයි එය සිදුකරන්නෙ. ජනතාවට පොඩි පොඩි පීඩාවන් තියෙනව.
මේ රජය පිහිටුවීමට උරදුන් විශාල පිරිසක් හිටිය. සිවිල් සංවිධාන, දේශපාලන පක්‍ෂ, සමාජයේ ක‍්‍රියාකාරී පුද්ගලයන් ආදිය. මෙයාලා යම් යම් කලකිරීම්වල ඉන්නව. එයට හේතුව, යහපාලන ආණ්ඩවට එරෙහිව වැඩකරපු පසුගිය ආණ්ඩුවෙ මැති ඇමතිවරු පිරිසක්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හරහා මේ ආණ්ඩුවට ඇවිත් තියනව. ඒ පසුගිය ආණ්ඩුවෙ මන්ත‍්‍රීන්ට, ඇමතිවරුන්ට විරුද්ධව තමයි, දේශපාලන පක්‍ෂ, සංවිධාන, සමාජ ක‍්‍රියාකාරකයින් විරුද්ධ වුනේ. නමුත් අවාසනාවකට ඒ අයගෙන් විශාල පිරිසක් මේ ආණ්ඩුවට ඇවිල්ලා, පීඩාකාරී මහින්ද රාජපක්‍ෂ රෙජීමය කරපු දේවල්ම දැන්ත් කරන්න උත්සාහ කරනව.
ඉහත කරුණ දැඩිව විවේචනයට ලක්වෙන කරුණක් වුවත්, පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න අවශ්‍ය දේශපාලනමය හේතුව නිසා නේද පරාජිතයන් ගන්න සිද්ධ වෙලා තියෙන්නෙ?
බහුතරය හදාගන්න ඔනැ කියල, ¥ෂිතයන් හයපාළනයකට සම්බන්ධ කරගත යුතු නැහැ. මහජනතාවට බහුතරය තබා ගැනීමේ දේශපාලනික වුවමනාව තේරෙන්නෙ නෑ. ජනතාවට  ඕනෑ ඔවුන්ට දුන් පොරොන්දු ඉටුකිරීමයි.
මහජනයා කියන්නේ ජනාධිපතිවරණය දිනපු ගමන්ම පාර්ලිමේන්තුව විසුරවල, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න තිබුණ කියල. එහෙම වුනානම් ප‍්‍රතිඵලය මෙයට වඩා විශාල වශයෙන් වාසිදාකයි. දැන් ජනතාව කියන්නෙ බහුතරය තියාගන්න පරාජිත ¥ෂිතයන් ළංකර ගැනීම නොසුදුසු බවයි. ඔවුන් එයට විරුද්ධයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගැටළුවකුත් එතන තියනව. ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ව පරාජයට පත්කෙරුවට පස්සෙ, ව්‍යවස්ථාවේ ඇති ඉඩකඩ පාවිච්චි කරල, ඔහුව ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට අරගෙන, ප‍්‍රධාන පෙළේ කැබිනට් ඇමතිකම් දෙන එක හොඳ දෙයක් නෙමෙයි.
ඒකාබද්ධ විපක්‍ෂය මේ වන විට පවතින ආණ්ඩුවට ඍජුවම අභියෝග කරන්න පටන් අරගෙන තියනව. ‘ආණ්ඩුව අවුරුදු දෙකක් යන්න ඉස්සර  වට්ටනව’ කියල කියනව.
ජනතාව කුල්මත් කරන, ජනතාව ඔවුන් වෙත රඳවා ගන්න එවැනි කතා තමයි හැමවිටම විපක්‍ෂය කියන්නේ. අපිත් විපක්‍ෂයේ ඉන්දි එහෙම කියල තියනව. ‘තව පෝය දෙකයි, තුනයි මේ ආණ්ඩුව තියෙන්නෙ’ වගේ කතා අපිත් කියල තියෙනව. විපක්‍ෂය එහෙම කියන්නෙ තමන්ගේ ගොඩ වැඩිකරගන්න. තමන්ගේ ශක්තිය පාක්‍ෂිකයන්ට මවා පෙන්වන්න. මහින්ද කණ්ඩායම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙදිත් එහෙම කිව්ව. ‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වුණාට, පාර්ලිමේන්තු බලය අපි ගන්නව’ කියල කිව්ව. ඒත් එහෙම වුනේ නෑ. ඉදිරියෙදිත් මැතිවරණයක් තිබ්බොත් මොකද වෙන්න කියල බලාගන්න පුළුවන්.
ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් තියන් තව වසර තුනකටත් වඩා තියනව. නමුත් ඊට පෙර මැතිවරණයක් පැවැත්වුවහොත් ප‍්‍රතිඵලය කුමක් වෙයිද?
මම හිතන්නෙ නෑ යළිත් මහින්ද රාජපක්‍ෂ පෙරටුකරගෙන යන ඒකාබද්ධ විපක්‍ෂයට බලයට එන්න පුළුවන් වෙයි කියල. පවතින රජය නැවතත් බලයට පත්වීමේ ප‍්‍රවනවතාවය වැඩියි.
අවුරුදු හතරක් යනකම් මැතිවරණයක් එන්නෙ නෑ. ඒක ඒකාබද්ධ විපක්‍ෂය කොහොම කල්පනාකරනවද කියල දන්නෑ. ඔවුන් බලකාමයෙන් පෙළෙනව.
ජාතික ආණ්ඩුව පත්වුනේ අවුරුදු දෙකකට. අවුරුදු දෙක අවසන් වෙන්න තියෙන්නෙ තව මාස කිහිපයයි. ඊට පස්සේ ආණ්ඩුව නිර්මාණයවන සංයුතිය මොකක්ද? පක්‍ෂ දෙක කුමන ක‍්‍රියාමාර්ගයක් ගනීද?
මේ සංයුතිය දිගටම පවතියි කියලයි මම හිතන්නෙ. මේක ශක්තිමත් ආණ්ඩවක් කියලයි මම දකින්නෙ. එහෙම ශක්තිමත් ආණ්ඩුවක ව්‍යුහය වෙනස් කිරීම සුදුසු දෙයක් නෙමයි. මේ ආණ්ඩුව දිගටම ජාතික රජයක් ලෙස පවතීවි.
මේ දිනවල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් තමන්ගේ ගොඩ වැඩිකරගැනීමේ, තමන්ගේ ශක්තිය, තමන්ගේ ඡුන්ද පදනම වැඩිකරගැනීමේ උත්සාහයක නියැලෙන බවක් පේනව. රටේ පොදු යහපත තකා කි‍්‍රියාකාරීම පක්‍ෂ දෙකම අමතක කර ඇති බවක් මේ දිනවල පේන්න තියෙනව නේද?.
එහෙම දෙයක් පේනව. එ.ජා.ප. සමාජිකයන් ප‍්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට මේ දිනවල වැඩි බරක් යොදල තියෙනව. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයා, මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලට මුල් තැනක් දීල තියෙනව. නැත්නම් තමන්ට හිතවත් මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකයන් වැඩි කරගැනීමේ කටයුත්තක නැයැලී සිටිනව. ඒක මේ අවස්ථාවෙ හැටියට ඉතාමත් නරක දෙයක්. මේ දෙගොල්ල එකතුවීමෙන් බලාපොරොත්තු වුනේ රට සංවර්ධනය කරල, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිතකරල රට ඉදිරියට ගෙන යෑම. ඒක තාවකාලිකව හෝ අතපසු කරල, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා උත්සාහ කරනව නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැඩිදියුණු කරන්න, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා බලාපොරොත්තු වෙනව නම් එක්සත් ජාතික පක්‍ෂය දියුණු කරන්න ඒකද කළ යුත්තෙ? ඒක නෙමෙයි මේ අවස්ථාවෙදි කළ යුත්තෙ. මේ අවස්ථාවෙදි කළ යුත්තෙ රටේ දියුණුව සඳහා, පොදු මහජනතාවගේ දියුණුව සඳහා  කටයුතු කිරීමයි.
ඔබ කියන්නේ රටේ පොදු සංවර්ධන කටයුතුවල ප‍්‍රගතියක් නැහැ කියලද?
ඔව්. රටේ නිෂ්පාදන ආර්ථිකය කඩා වැටිල තියෙනව. රට බරපතල විදිහට ණය වෙලා තියෙනව. සංවර්ධන කාර්යයක් සිදුවෙන බවක් පේන්න නෑ. වතුකරය විනාශයට පත්වෙමින් තියෙනව. ගොවියන්ගේ තත්ත්වය බරපතල විදිහට වැටිල තියෙනව. සාමාන්‍ය ජනතාවගේ ආදායම් මාර්ග අඩුවෙන අතර, ජීවන වියදම වැඩිවෙලා තියෙනව. නොවිසඳුණ තරුණ ප‍්‍රශ්න රැුසක තියෙනව. මේවා විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙලකට යාම තමයි මේ අවස්ථාවෙ කළයුතු වන්නෙ. අවාසනාවට සිද්ධවෙන්නෙ එය නෙමයි. තමන්ගේ පාර්ශ්වයන්ගේ ගොඩ හා තමන්ගේ පක්‍ෂ ගොඩ වැඩිකරගැනීමට කාලය යොදන  බවක් තමයි දැන් පේන්න තියෙන්නෙ. ඒක එතරම් හොඳ දෙයක් නෙමේ.
ජනතා උද්ඝෝෂණ බලවේග හමුවේ, හිටපු මහ බැංකු අධිපතිතුමා යළි පත්කිරීමේ තීරණය වෙනස් කරගන්න ආණ්ඩුවට සිද්ධ වුණා. එහෙම තීන්දුවකට පාළකයන් එයි කියල බොහෝ දෙනෙක් විශ්වාස කෙරුවෙ නෑ. හිටපු මහබැංකු අධිපතිවරයා යළි සේවයේ නොපිහිටුවීම රජය ජනතා බලයට ඇහුන්කන් දීමක්ද? නායකයන් අතර ඇති වූ මතභේදයක තීරණයක් ද?
පොදු මහජනයා, සංවිධානගත සිවිල් සමාජ ඉතාමත් ප‍්‍රබල විදිහට මේ ප‍්‍රශ්නයේදී හඬ නැ`ගුව. තමන් පත්කරගත්ත රජයට ‘මේ කාරණය වැරදියි’ කියන එක සිවිල් සංවිධාන සහ මහජනයා පෙන්නුව. අර්ජූන් මහේන්ද්‍රන්ව තියාගන්න  ඕන පිරිසට තම ව්‍යාපෘතිය අකුල ගන්න සිද්ධ වුනා. ඔවුන් පසුබෑමකට ලක් වුනා. එයින් කුමාරස්වාමි වගේ රට පිළිගත්, උගත් පුද්ගලයෙක්, සියලූ දෙනාම පිළිගන්න පුද්ගලයෙක් මහ බැංකු අධිපති තනතුරට පත්කරගන්න හැකි වුණා. එය ඉතාම හොඳ දෙයක්.
ඇතැම් කණ්ඩායම් නව මහ බැංකු අධිපතිවරයාටත් චෝදනා එල්ල කරන්න පටන්ගත්ත නේද?
ඒවාට ඔහු පිළිතුරු දීල තිබුණ. ඔහු දක්‍ෂ පුද්ගලයෙක්. ඔහු සේවය කරන ලද සංවිධානවලට එල්ල කරන චෝදනා ඔහුට අදාල නෑ. අනිත් එක එම ආයතනවලට චෝදනා එල්ල වෙන වකවානුව වෙන විට ඔහු එම ආයතන වලින් ඉවත් වෙලා.
එල්.ටී.ටී.ඊ. එකේ ප‍්‍රධාන පෙළේ නායකයින්ට පසුගිය රජයෙන් හු`ගක් උසස් තනතුරු දිලා තිබුණ. ඇමතිවරු පවා හිටිය. ශ‍්‍රී.ල.නි.ප. යේ උපසභාපති කමටත් එවන් පුද්ගලයන් පත්කරගෙන තිබුණ. මේ කෑ ගහන අය ඒ වෙලාවෙ නම් කතාකෙරුවෙ නෑ. ඒ කෑගැසීම් අවස්ථාවදී දේශපාලනයේ ලක්‍ෂණයක්.
ප‍්‍රධාන පක්‍ෂදෙක දශක ගණනාවක් තිස්සේ පාළනය කරල ජනතා මේ පක්‍ෂ දෙකම ජනතා අප‍්‍රසාදයට ලක්වෙලා තියෙනව. නමුත් එහෙම කළකිරුණ කියල ජනතාව වෙනත් විකල්ප පක්‍ෂයක් තෝරා ගන්නේ නැහැ. ඒ ඇයි?
දැනට එහෙම ගොනු වෙන්න තරම් විශ්වසනීය පක්‍ෂයක්, සංධානයක්  ගොඩනැගිල නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහිවත් එහෙම ආකර්ෂනයක් ගොඩනැගිල නෑ. එහෙත් ඉදිරියට විකල්ප බලවේගයකට අවස්ථාවක් නිර්මාණය වෙමින් තියෙනව. එහෙම බලවේගයක අවශ්‍යතාව තියෙනව. ඒක ලෝක දේශපාලනය දෙස බැලූවත් පේන්න තියෙනව. මෙතෙක් තිබුණේ සම්ප‍්‍රදායික තත්ත්වයක්. එක්සත් ජාතින පක්‍ෂය නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය. මේ දෙක තමයි මාරුවෙන් මාරුවට ජනතාවගේ තෝරාගැනීම වුනේ. මේ තත්ත්වය වෙනස් වෙයි කියල මම හිතනව. එහෙම වෙසනක් වෙනව නම් හොඳයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *