තෙල් පෞද්ගලිකකරණයට විරුද්ධ බව සජිත් කීම ගැන සජබ ප්‍රබලයෝ කෝපවෙති

 

විදේශීය පෞද්ගලික සමාගම්වලට ඉන්ධන බෙදාහැරීමට අවශතාව දීමට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය ගැන සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයින් කෝප වී සිටින බව වාර්තා වෙයි.

මේවා ආවාට ගියාට කරන ප්‍රකාශ බවත්, පක්ෂයේ ප්‍රතිපත්ති මෙලෙස තීරණය කිරීමට සජිත්ට ඉඩ දිය නොහැකි බවත් එම විරෝධතා දක්වන නායකයෝ කියති.

මෙය සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ හෙවත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සමග එක්වීමක් ලෙස විවේචනයට ලක්ව ඇත.

අද සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක දේශපාලන තොරතුරු ලිපියේ මෙම කරුණු හෙළිදරව් කොට තිබිණි.

එක්සත් ජාතික පක්ෂය මෙන් ම ඉන් බෙදීගිය සමගි ජන බලවේගය ද පෙනී සිටින්නේ නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් වෙනුවෙනි. සජිත් ප්‍රේමදාස මහතා ද ප්‍රකාශ කොට ඇත්තේ තම ප්‍රතිපත්තිය සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් බවයි.

එම ප්‍රතිපත්ති ජනප්‍රිය කිරීමට පක්ෂයේ සෙසු නායකයින් කැප වී සිටිය දී, සජිත් ප්‍රේමදාස මහතා වාමාංශික සහ ජාතිවාදී අදහස් වෙනුවෙන් පෙනී සිටීම සෙසු නායකයින්ගේ කෝපයට හේතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *