මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපති උපදේශක තනතුරක !

 

සම්පුර්ණ කාබනික ගොවිතැන එක කන්නයකින් කළ හැකි බවට ජනාධිපතිතුමාට ලණු දී, රට ම අමාරුවේ දැමීමට දායක වූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වන විට ජනාධිපති උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිටින බව තතු දත් දේශපාලන අංශ කියයි.

ඒ මහතා මෙලෙස කටයුතු කරන්නේ කිසිදු නිල පත්කිරීමකින් තොරව ය.

මේ දිනවල නිතරම ජනාධිපති මන්දිරයට යන ඔහු ජනාධිපතිතුමාට සියලු දේ සම්බන්ධයෙන් උපදෙස් දෙමින් සිටින බව කියති.

කිසිදු අමාත්‍ය ඩුරයක් නොදැරුවත් පසුගිය දා රජයේ පුවත්පත් සාකච්ඡාවකට එක් වූ අලුත්ගමගේ මහතා ජනාධිපතිතුමා රුසියානු ජනාධිපති පුටින් මහතා අමතන බවත්, ඉන්ධන ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක යෙදෙන බවත්, ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ජනමාධ්‍ය ඇමතුවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතගේ නියෝජිතයකු ලෙස පෙනී සිටිමිනි.

පසුගිය කාලයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකටව සිටියේ කිසිදු පැකිලීමකින් තොරව බොරු කියන ඇමතිවරයකු වශයෙනි.

ජනතාවට මෙන් ම ජනාධිපතිතුමාට ද බොරු කීම ඒ මහතාගේ ක්‍රමවේදය බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *