ඉන්ධන නැව් දහයක් ගන්න කටයුතු කර ඇති බව ඇමති කාංචන කියයි

මෙම මස 8 දායින්  පසු කාලයේ ඉන්ධන නැව් 10 ක් පමණ මෙරටට ලබා ගැනීමට කටයුතු කොට ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලබන 08 වැනිදා හෝ  09 වැනිදා ඩීසල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවත්, එමෙන්ම 11 සහ 14 අතර කාලය තුළ තවත් ඩීසල් නෞකාවක් පැමිණිමට නියමිත බවත්, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊට අමතරව 10 දා වනවිට නැවක් ද ගෙන්වා ගැනීමට උත්සහ දරමින් සිටින බව ද ඒ මහතා කියයි

ඉන්දියාවේ IOC සමාගම ඇතුළු විවිධ සමාගම් හරහා සිදුකළ ඉල්ලීම් අනුව මෙම ඉන්ධන නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර ජුලි මස 22-23 යන දිනයන් හිදී LIOC සමාගම හරහා මිලදී ගනු ලැබූ පෙට්ට්‍රල් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිතය.

එම පෙට්ට්‍රල් නෞකාව වෙනුවෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවා ඇති බවත් ලබන ජුලි මස 08 වෙනිදාට තවත් ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවීමට සිදුව ඇති බව ඇමතිවරයා සඳහන් කළේය. එම නෞකාවට ගෙවීමට ඇති ඉතිරි මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල පියවීමට නියමිතව ඇති බව ඔහු මෙහිදී පැවසීය.

මේ අතර රටට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබා ගැනීම සඳහා මැලේසියානු රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවත් එහිදී මැලේසියානු රජය විසින් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බවත් එම ඉන්ධන ඉක්මනින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. එම පෙට්‍රල් තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000 ක්  කොටසක් ජුලි 10 දාට පෙර ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *