මාස හයෙන් දහයෙන් දැන් මේ රට ගොඩදාන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මාස හයෙන් , දහයෙන් , දොළහෙන් රට ගොඩ දමන බවට දැන් සමහරු පොරොන්දු දෙන බවත්, එම බොරු කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

මේ රටේ දැන් තිබෙන තත්ත්වය අනුව එසේ මාස හයෙන් දහයෙන් දොළහෙන් රට ගොඩ දමන්නට බැරි බවත්, ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙළක් වසර පහක් වත් එක දිගට ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ මහතා කියයි.

සමගි ජන බලවේගය පැහැදිලි ජන වරමකින් තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා වසර පහකින් රට ගොඩ දැමීමට සුදානම් බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී වෘත්තියවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *