ගෑස්, පොහොර, ඉන්ධන ලැබෙන්න පෙර ආණ්ඩුව පෙරලන උත්සහයක් ; වමේ කණ්ඩායමක සැලසුමක්

රජය ඇනවුම් කොට ඇති ගෑස්, පොහොර සහ ඉන්ධන මෙරටට ලැබී ජනතාවට බෙදන්නට පෙර, ජනතාව දැන් මුහුණ දී සිටින පීඩා උපයෝගී කරගෙන ආණ්ඩුව පෙරළා දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව තතු දත් දේශපාලන අංශ කියයි.

ඒ සඳහා ඉදිරි සතිය තුළ විපක්ෂයේ උද්ඝෝෂණ ඉහළ මට්ටමකට වර්ධනය කිරීමට ඒ ඒ පක්ෂ පෙළඹවීමට කටයුතු යොදා ඇති බව ද දැනගන්නට ඇත.

ජනතා ප්‍රශ්න විසඳන්නට ආණ්ඩුවට කාලය ලබා දුන හොත් තමන්ට බලය ලබා ගැනීමට ඇති අවස්ථා ගිලිහෙන බව මෙම සැලසුම ක්‍රියාවට නගන කණ්ඩායමේ තක්සේරුව වී ඇති බව කියති.

මෙහි දී ආණ්ඩු විරෝධී සියලු පක්ෂ සහ කණ්ඩායම් අතර සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට දැනට පාර්ලිමේන්තුවේ නැති වාමාංශික කණ්ඩායමක් ක්‍රියාත්මක වී සිටියි. එම කණ්ඩායම පසුගිය දිනවල විපක්ෂයේ සියලු පක්ෂ හමුවී සාකච්චා කොට ඇති බව ද වාර්තා වෙයි.

මෙරටට ගෑස් සහ පොහොර ලැබීම මේ සතියේ සිදුවන බව ආණ්ඩුව ප්‍රකාශ කොට ඇති තත්ත්වයක් තුළ ඒවා බෙදාහැරීම කඩා කප්පල් කිරීමට ද සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත්, මෙම සතිය තුළ තම ආධාර කරුවන් උපරිම ලෙස යොදවා උද්ඝෝෂණ වර්ධනය කිරීම මෙම සැලසුම අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ජුලි 7 සිට 9 දක්වා දින ඒ සඳහා යොදාගෙන ඇති බව ද අපගේ ආරංචි මාර්ග කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *