“ඇමෙරිකන් ආධාර අවශ්‍ය නම් හොරකම් නවත්වන්න ” – තානාපතිනිය ජනාධිපතිට කියලා !

අමෙරිකාවෙන් වැඩි වශයෙන් ආධාර ලබා දීමට නම් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුෂණ , වංචා නැවැත්විය යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් ප්‍රකාශ කොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානු තානාපතිතුමිය ප්‍රකාශ කොට ඇත්තේ ඇමෙරිකානු රජයේ ආධාර ලබා දීමේ දී ඒ ඒ රටවල පවතින යහපත් මුල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය තම රජය ප්‍රතිපත්තියක් ලෙස සැලකිල්ලට ගන්නා බව යි. එහි තේරුම නම් තමන් ලබාදෙන මුදල්වලට කුමක් සිදුවන්නේ ද යන්න ගැන තමන්ට හොඳින් බලාගත හැකි විය යුතු බව යි.

රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් මේ කියා ඇත්තේ තමන් දෙන මුදල් සොරකම් නොකරන බවට සහතිකයක් අවශ්‍ය බව ය යන්න දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ඊයේ ජනාධිපති මන්දිරයේ දී ජනධිතති තුමා මුණගැසුණු අවස්ථාවේ ඇමෙරිකානු තානාපතිනිය මෙම කරුණු ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *