උද්ධමනය සියයට පනහ ඉක්මවා යයි

 

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තා අනුව මෙරට සමස්ත උද්ධමනය සියයට පනහ ඉක්මවා ඇති අතර ආහාර උද්ධමනය සියයට අසුව ඉක්මව්වා ගොස් තිබේ

කොළඹ පාරිභෝගික මිළ දර්ශකයේ ජුනි මාසයේ උද්ධමනය සටහන් වන්නේ  54.6% ක්වශයෙනි

මැයි මාසයේ දී මෙම උද්ධමන අගය 39.1% ලෙස වාර්තා වී තිබිණි.ආහාර හා ආහාර නොවන කාණ්ඩ වල මිළ ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ඉහළ උද්ධමන අගයක් වාර්තා වන බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ආහාර කාණ්ඩයේ මැයි මාසයේ පැවැති 57.4% ක උද්ධමනය ජුනි මාසය වන විට 80.1% දක්වා ඉහළ යෑමක් සිදු වී තිබෙයි.

ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මෙම වසරේ මැයි මාසයේ පැවති සියයට 14.2 අගය  ජුනි මාසය අවසන් වන විට  සියයට 18.4 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *