රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය පරිපාලනය අවුල් කරනවා – විශේෂඥ වෛද්‍ය සංගමය

සීමාවාසික පත්වීම් ලබාදීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ අනවශ්‍ය මැදිහත්වීම් නිසා සෞඛ්‍ය පරිපාලනය අවුල් වී ඇති බවත් ඇතැම් ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි . විශේෂඥ වෛද්‍ය සංගමය විසින් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී කැදවා තිබු පුවත්පත් සාකච්චාවකදී මේ බව ප්‍රකාශ කොට ඇත්තේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර ලිලන්ත රණසිංහ මහතා විසිනි . සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන කටයුතුවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන බලපෑම් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට හානිකර බව ඒ මහතා චෝදනා කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *