“ප්‍රිස්න් ඇලජික් ” රෝගය උත්සන්න වී බැසිල් රාජපක්ෂ ජාතික රෝහලට

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ 15 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතාගේ “ප්‍රිස්න්  ඇලජික් ” හෙවත් බන්ධනාගාර අසාත්මිකතා රෝග තත්වය  උත්සන්න වීම නිසා මෙසේ රෝහල් ගතකළ බව අපගේ ආරංචි මාර්ග කියයි .

බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කඩුවෙල උසාවිය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *