ජුලි 10 දායින් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න සියල්ල සුදානම් – ඇමති හරීන් ප්‍රනාන්දු

 

ජුලි 10 දායින් පසු මෙරට පෝලිම් අඩු කොට ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් මෙන් ම සැපයුම් ද සුදානම් කරගෙන අවසන් බවත්, සංචාරක  ඇමති හරීම් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඉන්ධන, ගෑස් ආදී සැපයුම් නොකඩවා  කිරීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇති  බව ද ඇමැතිවරයා කියයි.

මෙතෙක් කිසිදාක මුහුණ දීමට සිදු වී නැති ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ගොඩ යාම පහසු නැති බවත්, සති පහක දී පාතිහාර්ය කළ නොහැකි බවත්, කී ඒ මහතා එසේ වුවත් ජුලි 10 න් පසු පෝලිම් අවම කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකොට අවසන් බවත් පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *