මෙරට ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට විදේශ සමාගම්වලට ඉඩ

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල  ඉන්ධන සමාගම් වෙත ලබාදීමටත්  නව ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමට එම සමාගම්වලට අවසර දීමටත්, කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්ධන සපයන සමාගම් වෙත තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් මෙන්ම නව පිරවුම්හල්ද විවෘත කිරීමටද අවස්ථාව ලබාදීමට මෙසේ අනුමැතිය හිමි වී ඇති බවයි.

ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන රටවල තෙල් සමාගම් සමඟ දීර්ඝකාලීන ගිවිසුම් ගත වීමටත්, ඒ හරහා මෙරටට විදේශ විනිමය පීඩනයක් ඇති නොවන ලෙස ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහාත්, කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අදාළ සමාගම් වලට මෙරට ඉන්ධන ආනයනය බෙදාහැරීම සහ අලෙවි කිරීමට අවස්ථාව හිමිවෙයි.

දැනට මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට අනුවක් තෙල් සංස්ථාව විසින් හා ඉතිරිය ඉන්දීය තෙල් සමාගම විසින්ද සපයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *