තෙල් නැව් විසි පහකට මුදල් නොගෙවා පොලු තියලා !

 

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයු සමාගම්වලට ගෙවීමට ඇති හිග මුදල් පිළිබඳව ගණන් බැලීමේ දී පෙනී යන්නේ ඉන්ධන නැව් විසි පහකට  වැඩි සංඛ්‍යාවක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර ඇති බව යයි වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

ඉන්ධන සැපයුම්කරුවන්ට ඛනිජ තෙල් සංස්ථාව ගෙවිය යුතුව ඇති මුළු මුදල ඩොලර් මිලියන 735 කි. ලෝක වෙළෙඳපොළේ එවකට පැවති ඉන්ධන මිල ගණන් අනුව මෙම මුදල තෙල් නැව් 25 කට වැඩි ප්‍රමාණයක මිලට සමාන බව කියති.

මේවන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වී ඇතත්, බොරතෙල් නැවක මිල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30 කි. ඩීසල් හෝ පෙට්‍රල් නැවක මිල වන්නේ ඩොලර් මිලියන 40 කි. දිගු කාලීන සැපයුම්කරුවන්ගෙන් එවකට ලබාගත් මිල ගණන් මීට වඩා බොහෝ අඩු බව කියති.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මෙපමණ ඉන්ධන ප්‍රමාණයක් ණයට දී ඇත්තේ එම මුදල් ගෙවන බවට රජයේ සහතිකයක් මත බවත්, රජය එම මුදල් ගෙවීම පැහැර හැර ඇති තත්ත්වයක් තුළ නැවත විශ්වාසය ගොඩ නැගීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවත්, වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *