පොලු තියා තියෙද්දී තෙල් දෙන්න නම් මව් සමාගම් සමග කතා කරන්න – තෙල් සමාගම් නියෝජිතයෝ ජනපතිට කියති

පසුගිය කාලයේ කළ ඉන්ධන සැපයුම් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 735 ක මුදලක් ගෙවීම ශ්‍රී ලංකා රජය විසින් පැහැර හැර තිබිය දී දිගට ම ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් රජයේ ඉහළ නිලධාරීන් තම මව් සමාගම් සමග සාකාච්ඡා කළ යුතුව ඇති බව මෙරටට පසුගිය කාලයේ ඉන්ධන සැපයු ප්‍රධාන සමාගම් නියෝජිතයින් ඊයේ ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

අදාළ හිග මුදල් පසුව ගෙවීමේ පදනම මත අලුතින් ඉන්ධන සැපයීම් කරන ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස සමාගම් නියෝජිතයින් ප්‍රකාශ කොට ඇත්තේ ඒ පිළිබඳව තීරණ ගැනීමට තමන්ට හැකියාවක් නැති බව සහ ඒ සඳහා මව් සමාගම්වල එකඟත්වය අවශ්‍ය බවයි.

හිග මුදල් ගෙවීමේ සැලැස්මක් ලබා දීමට සහ එතෙක් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස සමාගම් නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කළහ.

මේ වනවිට රජය රැස් කර ගනිමින් සිටින ඩොලර් යොදාගෙන අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීමට පසුගිය කාලයේ කළ උත්සාහයන් අසාර්ථක වූ බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කොට තිබිණි.

ඊයේ පැවති සාකච්චාවේ දී ද සමාගම් නියෝජිතයි කීවේ මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම් මට්ටමේ ඉහළ නිලධාරීන් තම මව් සමාගම් සමග සාකච්ඡා කළ යුතු බවයි.

කොළඹ ජනාධිපති මන්දිරයේ ඊයේ පැවති මෙම රැස්වීමට බලශක්ති ඇමැති කංචන විජේසේකර, මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එම් එම් කේ සිරිවර්ධන ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *