ආණ්ඩුවේ 22 සංශෝධනයට අවසන් කැබිනට් අනුමැතිය අද හිමිවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද කැබිනට මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

මුලින් එය 21 සංශෝධනය ලෙස හඳුන්වනු ලැබුව ද සමගි ජන බලවේගයේ යෝජනාව 21 ලෙස ඉදිරිපත්ව ඇති බැවින් මෙම සංශෝධනය 22 වැනි සංශෝධනය ලෙස ගැසට් කිරීමට නියමිත ය.

මෙම සංශෝධනයේ මුලික අරමුණ ජනාධිපති බලතල සීමා කිරීම බව කියනු ලැබුව ද එය ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනාධිපතිගෙන් පසුව වන ලෙස අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් කොට ඇති බව වාර්තා වෙයි.

එමෙන් ම 19 සංශෝධනය මගින් අගමැතිට සහ විපක්ෂ නයකට දී තිබු බලතල ද මෙම සංශෝධනයේ දී ඉවත් කොට ඇති බව ද අලුත් ම වාර්තා සඳහන් කරයි.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *