මේ වසරේ මුල් මාස 5ට ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක්

 

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය  මෙම වසරේ පළමු මාස 5 තුළ  වර්ධනයක් පෙන්නුම් කර නොමැත.

ගිය වසරේ මැයි මාසයේ අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 891.7 ක් වූ අතර එය මෙම වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 980.2 ක් දක්වා වර්ධනය වී ඇත.පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 9.7 කින් වැඩි වී ඇත.

2022 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 980.2 දක්වා 9.9% කින් පෙර වසරට සාපේක්ෂව වැඩි විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ විදුලි සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන ඉපැයීම් ඉහළ යාමයි.

මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020 – මැයි 2022 US$ මිලියනවලින්

සේවා අපනයනය

2022 ජනවාරි සිට මැයි දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,472.7 ක් වූ අතර එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 93.3% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ ලොජිස්ටික් වලින් සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *