ඇමැති කාංචන සහ නසීර් කටාර් බලා යයි

 

මෙරටට ඉන්ධන ලබාගැනීම සහ විදේශගත ශ්‍රමික ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජෙසේකර සහ පරිසර ඇමති නසීර් අහමඩ් මහත්වරුන් අද සවස කටාර් රාජ්‍යය කරා පිටත්ව ගිය බව වාර්තා වෙයි.

ඉන්ධන ලබාගැනීම මේ වනවිට අර්බුදයක් බවට පත්ව තිබීම නිසා එයට හදිසි ආධාර ලබාගැනීම මෙම ගමනේ ප්‍රධාන අරමුණ වී තිබේ.

පසුගිය දිනවල ඇනවුම් කළ ඉන්ධන නැව් කිසිවක් නොලැබීම සහ මෙරට බැංකුවල ණයවර ලිපි ප්‍රතික්ෂේප වීම නිසා රට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *