ධනපතියාට සහනාධාර දෙමින් දුප්පතාට බදු ගැසීම අසාධාරණයි

අපේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේ මාර්ගය අප සොයාගතයුතු වෙනවා. ඒ සඳහා අප රටේ හැකියාවන් පිළිබඳවත්, ලෝකයේ අනෙක් රටවල් සමග තරඟ  කරන අන්දමත් පිළිබඳව තීරණය කිරීම අවශ්‍යයි. ආර්ථික ප‍්‍රතිපත්තියක් තීරණය කිරීම සිදුවන්නේ ඒ අනුවයි.
පසුගිය කාලයේ අප කළ අධ්‍යයනයන් මගින් තේරුම් ගෙන තිබෙන්නේ ‘‘දැනුම පදනම් කරගත් ඉහළම මට්ටමින් තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමයක්’’ කරා අප ගමන් කළ යුතු බවයි.
අප රට සතුව තිබෙන වටිනාම සම්පත වන්නේ දැනුමෙන් සංවර්ධිත ශ‍්‍රම බලකායක් සිටීමයි. එය තවත් වර්ධනය කළ හැකියි. ඇත්තෙන්ම අප පවතින් තත්ත්වය සංවර්ධනය කළ යුතුයි. රටේ තරුණ ජනයාගේ හැකියා නැතහොත් කුසලතා සංවර්ධනය අපට අත්‍යාවශ්‍යයි.
මෙහිදී අප කල්පනා කළයුතු වන්නේ රටක් වශයෙන් අප තරඟකාරී වන්නේ කෙසේද? යන්නයි. අඩු වැටුප් රැුකියා මත ලෝක වෙළෙඳ පොළේ තරඟ  කරන්නට තවදුරටත් අපට බැහැ. එම හැකියාව දැන් ලබාගෙන සිටින්නේ බංගලිදේශයයි. අපගේ වැටුප් මට්ටම අනුව අපට ඔවුන් හා තරඟ  කරන්නට බැහැ. නිදහස් වෙළඳ කලාපයට ගියහොත්   රැුකියා දහ දාහක පුරප්පාඩු තිබෙනවා. ඒවාට කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එම වැටුප් මට්ටම අප රටට ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අප ගමන් කළ යුත්තේ වැඩි වැටුප් ලබන දියුණු කුශලතා ඇති ශ‍්‍රම බලකායක් සංවර්ධනය කිරීමේ මාර්ගයේයි.
අනෙක් අතට මැලේසියාව වැනි රටක වැටුප් තත්ත්වය වැඩියි. එසේනම් අපට මැලේසියාව සමග තරග කරන්න බැරි ඇයි කියා ප‍්‍රශ්නයක් මතුකළ හැකියි. අප මැලේසියාව සමඟ  තරග කරන්න බැරි වී තිබෙන්නේ එරට ශ‍්‍රම බලකායේ තිබෙන සුවිශේෂි හැකියාවන් අපට නැති නිසයි.
අප මේ කතා කරන්නේ හුදු වෘත්තීය හැකියාව ගැන නොවෙයි. අපගේ සිටින විවිධ වෘත්තිකයන් ලොන පුරා ගොස් රැුකියා කරනවා. ගණකාධිකාරී වැනි වෘත්තියක් ගත්විට අපේ රටේ  ඕනෑතරම් එවැනි වෘත්තිකයන් සිටිනවා. එසේ වුවද අපගේ සංවර්ධනයට හරියන කුශලතා සහිත ශ‍්‍රම බලකායක් තවමත් අප සතුව නැහැ. අද ලෝකයට අවශ්‍ය ශ‍්‍රමය ගැන සලකා වඩාත් තරඟ කාරී ආර්ථිකයක් සඳහා ශ‍්‍රම බලකායක් වර්ධනය කර ගැනීම අපට අවශ්‍යයි.
තරගකාරී වෘත්තීය පුහුණු අවස්ථා තිබීම අප රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍යයි. තවමත් නැතතේ එයයි. අපි එම තත්ත්වය දියුණු කරගෙන ලෝකය හා තරගකාරී වියයුතුයි.
දැනුම මත පදනම් වීම යනුවෙන් විවිධ වෘත්තීය හැකියාවන්ද අදහස් වෙනවා. එය මෘදුකාංග හෝ තොරතුරු තාක්‍ෂණය වැනි හැකියා සංවර්ධනයක් විය හැකියි. අවුරුදු දාහතෙන්, දහඅටෙන් පාසැලෙන් ඉවත්වන දරුවන්ට ඇඟළුම් කම්හල් නැතහොත් ත‍්‍රී රෝද රථ ධාවනය වැනි රැුකියා වෙනුවට මෙබඳු වෘත්තීය හැකියා ලබා දීමේ වැඩ පිළිවෙලක් අවශ්‍යයි.
අපගේ සුවිශේෂි හැකියා හඳුනාගෙන සංවර්ධනය කිරීම අප රටට පහසුවෙන් කළ හැකියි. අපගේ ආර්ථිකය ලෝකය හා තරඟ කාරී කරන්නේ් ඒ ආකාරයෙනි.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන නව වැඩ පිළිවෙළ යටතේ සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය අවසන් කිරීම තවදුරටත් සිදුවන්නේ නැහැ. උසස් පෙළ දක්වා නැතහොත් ඒ හා සමාන වෙනත් ක්‍ෂේත‍්‍ර අධ්‍යාපනයක් සඳහා අධ්‍යාපනය අනිවාර්ය කිරීම අපගේ අරමුණයි. එනම් වසර දහතුනක අධ්‍යාපන අයිතියක් සෑම දරුවෙකුටම සහතික වෙනවා.
මෙහිදී අධ්‍යාපනය සංවර්ධනයට විශාල මුදලක් යෙදවීමට අපට සිදුවෙනවා. තාක්‍ෂණික විද්‍යාල  කාර්මික විද්‍යාල , පරිගණක මෘදුකාංග තාක්‍ෂණික ආයතන, තොරතුරු තාක්‍ෂණික ආයතන ආදී මෙම ක්‍ෂේත‍්‍රවල පහසුකම් විශාල ලෙස ප‍්‍රචලිත කිරීම අවශ්‍යයි. රටේ ආර්ථිකය තරඟකාරී කළ හැකි වනනේ එවිටයි.
දැනුම පදනම් කරගත් ඉතාම තරඟකාරී ආර්ථිකයක් ලෙස අප හැඳුන්වන්නේ මෙයයි. ඒ මෙහි පළමු කොටසයි. දෙවන කොටස නම් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් යන්නයි.
මෙහිදී අප කියන්නේ සංවර්ධනයෙ පදනම වෙළෙඳ පොළ සංවර්ධනය බවයි. ඒ අතර රටේ ජනයා අතර සෑම කෙනෙකුටම සමාන අවස්ථා විවරකර දීම අවශ්‍යයි. ඒ කියන්නේ දුප්පත් දරුවන්ට, අඩු වරප‍්‍රසාදිත පවුල්වල දරුවන්ට තම හැකියාවන් අනුව සමාජයේ ඉහළට යෑමේ සම අවස්ථා ලබාදීමයි.
ඇමරිකාව තම රට හඳුන්වනු ලබන්නේ සැමට සම අවස්ථා හිමි රාජ්‍යයක් වශයෙනි. අපටද අවශ්‍ය වන්නේ එබදුම සමාජයකි.
මෙබඳු සමාජයක් ගොඩ නැගීම සඳහා විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ආර්ථිකය නැංවීමට වැඩ පිළිවෙලක් ක‍්‍රියාවට නැගිය යුතු වෙනවා. ඒ සඳහා විශාල ආයෝජනයක් කිරීමට අපට සිදුවේවි.
මෙම දිගුකාලීන උපාය මාර්ගය ක‍්‍රියාත්මක කරන අතරතුර කෙටිකාලීන වශයෙන් හැකි ඉක්මනින් විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමට අප ක‍්‍රියා කළ යුතුයි. එයින් මේ වනවිට වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එකඟත්වය පළවී තිබෙනවා. එය ෆෝචුන් හන්ඩ‍්‍රඞ් ලෙස හඳුන්වන ලෝකයේ ඉහළම සමාගම් සියයෙන් එකකි. එම සමාගම එනවිට යුරෝපයේ හා වෙනත් රටවල තවත් ආයෝජන අප රටට එනු ඇති.
වරාය සංවර්ධනයට  චීන ආයෝජකයන් ඉදිරියපත් වී සිටිනවා. එයට ආයෝජන ගෙන්වීමේ වගකීම ඔවුන් විසින්ම භාරගනු ලැබ තිබෙනවා. එයත් විදේශ ආයෝජන ගෙනඒමේ තවත් මාවතක් වේවි.
මෙම ආර්ථික සංවර්ධනය සඳහා යාමේදී අත්‍යාවශ්‍ය කටයුත්තක් වන්නේ අපගේ බදු හා සහනාධාර ප‍්‍රතිපත්තියේ වෙනස් කිරීමයි. ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ බදු මගින් නිසා සහනාධාර පවත්වාගෙන යන්නේත් බදු ආදායමෙනුයි. අපගේ බදු ප‍්‍රතිපත්තිය වන්නේ සාමාන්‍ය ජනයාගේ ආහාරවලට වැඩිපුර බදු අය කිරීමයි. මෙය ඉතාම අසාධාරණ බදු ප‍්‍රතිපත්තියකි. මෙය වෙනස් කොට ඉහළ පංතියට වැඩිපුර බදු ගෙවීමට සිදුවන නව බදු ප‍්‍රතිපත්තියකට යෑම අවශ්‍යයි.
අපගේ සහනාධාර ප‍්‍රතිපත්තියත් ඒ වගේම අසාධාරණයි. රාජකීය විද්‍යාලයට  බෙන්ස් රථයෙන් එන සිසුවාත් කිසිදු මිලක් ගෙවන්නේ නැහැ. එම ළමයාට නොමිලේ අධ්‍යාපනය දෙන්නේ සාමාන්‍ය ජනයාගේ ආහාරවලට අයකරන බදු වලින්. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මුදල් ගෙවීමේ හැකියාව ඇති අය තමන්ට ලැබෙන සේවාවන්ට ගෙවන කිසියම් ක‍්‍රමයක් අවශ්‍යයි. සාමාන්‍ය ජනයාට බදු පනවා, ධනපතියාටත් සහනාධාර දීමේ ප‍්‍රතිපතියේ සාධාරණයක් නැහැ. සිදුවිය යුත්තේ සහනාධාර අවශ්‍ය සාමාන්‍ය ජනයාට වැඩියෙන් සහනාධාර දෙමින් ඉහළ පංතියෙන් තමන් ලබන සේවාවන්ට මුදලක් අයකිරීමයි. මෙයට විරෝධත්වයක් ඇතිවිය හැකියි. එසේ වුවත් මෙය කළ යුතුමයි. සෞඛ්‍ය අංශයෙන් වුවත් ඉහළ පැලැන්තියේ අයට සේවාවක් සපයන්නේ නම් එයට ගෙවීමක් කළ යුතුයි.
මේ සියල්ලට අවශ්‍ය ආර්ථික ක‍්‍රියාකාරීත්වය ගොඩ නැගෙන්නේ වෙළෙඳ පළ ක‍්‍රමය තුළයි. තමන් කුමක්  තැනිය යුතුද? කුමක් නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය විය යුත්තේ වෙළෙඳ පළ මතයි. වෙළෙඳ පළට අනුව ප‍්‍රශස්ථ ලෙස කළ හැකි නිෂ්පාදනය තෝරාගැනීම සිදුවිය යුතුයි.
සමාජ වෙළෙඳ පොළ ආර්ථිය කියන්නේ මෙයයි. සෑම දෙනාට සමාන අවස්ථා හිමිවන ආර්ථියක් එහි අරමුණයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *