ආණ්ඩුවේ 21 සංශෝධනය හෙට යළි කැබිනට් මණ්ඩලයට

 

ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අවසන් අනුමැතිය සඳහා හෙට යළිත් වරක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි.

නීතිපතිවරයන් පරීක්ෂා කිරීමෙන් පසු අවසන් පිටපතට අනුමැතිය ගැනීම හෙට සිදුවන බව කියති.

21 වැනි සංශෝධනයක් සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති බැවින් මෙම සංශෝධනය 22 සංශෝධනය ලෙස ගැසට් කිරීමට නියමිත ය.

ඉන් පසු එය ශ්‍රේෂ්ටාධිකරණයේ පරීක්ෂාවට ලක්වනු ඇත.

පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට හැකිවන්නේ ඉන් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *