සියලු දෙනා සහයෝගය දුන්නොත් නොවැම්බර් වන විට රට යම් සුබවාදී මාවතකට – වජිරගෙන් තව අනාවැකියක්

 

රට ගොඩනැගීමට සියලු දෙනා සහයෝගය දුන්නොත් ලබන නොවැම්බර් මාසය වන විට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (26) පැවසීය.

දෙකෝටි තිස් ලක්ෂයක් වන මහජනතාව දැන් රෝගීන් බවට පත්ව ඇතැයි කී අබෙිවර්ධන මහතා එම රෝගීන් බලා ගැනීමට පැමිණ සිටින “විශේෂඥ වෛද්‍යවරයා” වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශාප නොකොට සියළු දෙනාගේම ආශිර්වාදය ලබා දුනහොත් ශ්‍රී ලංකාව නිවැරදි කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළේය.

2019 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අදටත් පරම සත්‍යයක් වී තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඉකුත් මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කාරණා ජනතාව ඇහුවා නම් රට අද මෙවැනි අභාග්‍යයකට මුහුණ දෙන්නේ නැති බව කීය .

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ කාරණා වලින් අකුරක්වත් වැරදි නම් පෙන්වන්නැයි අභියෝග කරන බවද අබෙිවර්ධන මහතා පැවසීය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *